ASDA - 2021 සඳහා නව වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක්

පසුගිය 2021.12.17 දින පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවේදී ASDA වෙබ් අඩවිය (asda.doa.gov.lk) නිල වශයෙන් දියත් කිරීම ප්‍රධාන ආරාධිතයා වූ ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදු කරන ලද අතර සමුළුව සඳහා සහභාගී වූ ආරාධිතයන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සහිත ජංගම යෙදවුම් මෘදුකාංගයක්ද හඳුන්වා දෙනු ලැබීය.