කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව - ASDA 2021

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව 2021 12.17 දින ගන්නෝරුව ජාතික පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය හා ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා ගරු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය උදිත් ජයසිංහ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්තද සිල්වා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා විශ්ව විද්‍යාල නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. දිවයින පුරා සිටින කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට Zoom තාක්ෂණය ඔස්සේ මේ සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා තිබූ අතර දෙපාර්තමේන්තු නිල සමාජ ජාලා මාධ්‍ය  හරහා වැඩසටහන සජීවීව විකාශනය කරන ලදි.

දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශවල නව සොයා ගැනීම් එළිදැක්වීම, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය මඟින් නිර්මාණය කරන ලද ASDA  නිල වෙබ් අඩවිය එළිදැක්වීම, හොඳම කෘෂි විශේෂඥ, වසරේ හොඳම නවක කෘෂි විශේෂඥ, හොදම කෘෂි විද්‍යාඥ, හොදම පර්යේෂණ පත්‍රිකාව, කෘෂිකර්මාන්තයට සිදුකරන ලද දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන වසරේ කීර්තිමත් කෘෂි විශේෂඥ ආදී සම්මාන අමාත්‍යතුමන් අතින් ප්‍රදානයද මෙහිදී  සිදු කෙරිණ.

ASDA-2021 විශේෂ අවස්ථා මෙතනින් නරඔන්න 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වන වාර්ෂික සමුළුව – ASDA 2021

එම වීඩියෝව මෙතනින් නරඔන්න >>

Watch Now