"හරිත කාර්යාල පරිසරයක්" බෝග වගා වැඩසටහන

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි කාලය සඳහා ආහාර සුරක්ෂිතභාවය යම්තාක් දුරට තහවුරු කර ගැනීමට උනන්දු කිරීම පිණිස රටපුරා ක්‍රියාත්මක වන බෝග වගා ප්‍රවර්ධන වැඩසටහන් හා සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියළු වෘත්තීය සමිති මුල් කරගත් සේවක එකමුතුව මඟින් රටපුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ආයතන වල කාර්යාල ආශ්‍රිතව “හරිත කාර්යාල පරිසරයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන බෝග වගා වැඩසටහන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.