සීමිත තරග විභාගය යටතේ ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට බඳවා ගැනු ලැබූ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් රාජකාරි අරඹයි

වසර 11කට පසු ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයට සීමිත තරග විභාග යටතේ බදවා ගත් නිලධාරීන් සදහා පත්වීම් ප්‍රධානය 2024.08.20 දින පැළෑටි ජානසම්පත් මධ්‍යස්ථානයේදී සිදු කෙරිණ.

මේ සදහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්තුමන් හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමිය අතිරේක අධ්‍යක්ෂවරුන් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තු අනෙකුත් නිලධාරීන්ද සහභාගී විය.

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) තනතුරු 79ක් ද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි පර්යේෂණ) තනතුරු 53ක් ද සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (කෘෂි ආර්ථික) තනතුරු 4ක් ද සඳහා පත්වීම් ප්‍රධානය කරන ලදි. ඔවුන් සඳහා සේවාස්ථ පුහුණුව අගෝස්තු 20 වන දින සිට 23 දින දක්වා සිදු කෙරෙනු ලබන අතර අගෝස්තු 26 දින සිට නව තනතුරේ රාජකාරි ආරම්භ කරනු ඇත.