ශ්‍රී ලංකාවේ මෙනේරි සංවර්ධන උපදේශන වැඩමුළුව

ජාත්‍යන්තර මෙනේරි වර්ෂය 2023 ට සමගාමීව ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉන්දියානු සහකාර කොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ මෙනේරි වැඩමුළුව 2023.07.28 දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි ජාන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මේ සඳහා ශ්‍රී ලංකා ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ සහකාර කොමසාරිස් ආචාර්ය S.අතීරා මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ ආයතනවල නිලධාරීන් පිරිසක්ද, මේ හා සම්බන්ධ විශ්ව විද්‍යාල, පෞද්ගලික ආයතන වල නියෝජිතයින් මෙන්ම ධාන්‍ය බෝග වගාකරුවන් පිරිසක්ද සහභාගී විය.

තාක්ෂණික සැසියේදී ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මෙම වගාවන් සම්බන්ධ විශේෂඥයින්ගේ ඉදිරිපත් කිරීම් මගින් මෙනේරි බෝග හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු රාශියක් පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන ලදී.