ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු වගා ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුව

ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු ක්ෂේත්‍රයන්හි සවිබල ගැන්විය යුතු අංශ හඳුනාගැනීමේ විද්වත් වැඩමුළුවක් 2023 මාර්තු මස 16 හා 17 දෙදින තුළ ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ සඳහා මෙම ක්ෂේත්‍ර හා සම්බන්ධ ප්‍රධාන පාර්ශවකරුවන් සහභාගි වේ.

ශ්‍රී ලංකාවේ වෙනත් ක්ෂේත්‍ර බෝග, එළවළු හා පළතුරු ක්ෂේත්‍රවල අඩු ඵලදායිතාවය, වාරයේදී පමණක් අස්වනු ලැබීම හා අධික පසු අස්වනු හානිය ආදි පොදු ගැටළු රාශියක් හඳුනාගත හැකි අතර අගය එකතු කළ නිෂ්පාදනවල හිඟකම බෙදාහැරීම හා අලෙවිය ක්‍රමවත් නොවීම අපනයන ප්‍රමිති දර්ශක නොපැවතීම යනාදි සීමාකාරි සාධක දක්නට ලැබෙන අතර එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීම රටේ ආහාර සුරක්ෂිත භාවය සඳහා මහඟු පිටුවහලක් වනු ඇත.

මෙම වැඩමුළුවේදි පළමුව අදාල ක්ෂේත්‍රයන් පිළිබඳව වර්තමාන තත්වය පිළිබඳව කරුණු සාකච්ඡා කළ අතර පර්යේෂණ, ව්‍යාප්ති, බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය අලෙවිය හා ආර්ථිකය සම්බන්ධයෙන් සංවර්ධනය කළ යුතු අංශ පිළිබඳවද අවධානය යොමු කරන ලදී.