ලෝක ජල දිනය සහ ලෝක කාලගුණ විද්‍යා දිනය - 2024

ලෝක ජල දිනය සහ ලෝක කාලගුණ විද්‍යා දිනය සෑම වසරකම පිළිවෙලින් මාර්තු 22 සහ 23 යන දිනවලට යෙදී ඇත.
 
ලෝක ජල දිනය සහ ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජල හා කාලගුණ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රධාන වගකිවයුතු ආයතනය ලෙස ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය (NRMC) විසින් 2024 මාර්තු මස 22 වන දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, පී.මාලතී පරසුරාමන් මෙනවියගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව, පේරාදෙණිය, සේවා සංස්කරණ අභ්‍යාස ආයතන ශ්‍රවණාගාරයේදී වැඩසටහනක් සංවිධානය කරන ලදී.
 
මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මහවැලි අධිකාරිය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ජල හා කාලගුණ විද්‍යා ක්ෂේත්‍රයේ සියලුම රාජ්‍ය ආයතනවල පාහේ ඉදිරිපත් කිරීම් වලින් සමන්විත වීමයි. ආරාධිත අමුත්තන්ගේ සාකච්ඡාවකින් ද මෙම වැඩසටහන සමන්විත විය.