"මිහිකත දිනුවෝ" රූපවාහිනි වැඩසටහනට සම්මානයක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය මගින් නිශ්පාදනය කර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලබන “මිහිකත දිනුවෝ” කෘෂිකාර්මික රූපවාහිනි වැඩසටහන මෙවර Asia Miracle Awards 2024 ජාතික සම්මාන උළෙලේදී වසරේ හොඳම කෘෂිකාර්මික රූපවාහිනී වැඩසටහනට හිම් සම්මානයෙන් පිදුම් ලැබීය.

ජාතික රූපවාහිනිය ඔස්සේ අඛණ්‌ඩව වසර 26 ක් පුරා විකාශනය කරමින් රටේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාතික රූපවාහිනිය දක්වන ලද අනුපමේය සේවාව වෙනුවෙන් හා අපව මෙම සම්මානය දක්වා ඔසවා තැබීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙන්ම ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ගෞරවනීය ස්තුතිය ද පළ කර සිටිමු .