භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණ දිනය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද “World GIS Day – 2024”, වැඩසටහන 2024.11.20 වන දින ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, හදබිම අධිකාරිය, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා පාසල් ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
භූගෝලීය තොරතුරු පද්ධති තාක්ෂණය (GIS) 1960 දශකයේ දී ආරම්භ වී සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින තාක්ෂණයක් වන අතර කෘෂිකාර්මික, පාරිසරික, ගමනාගමන, ආරක්ෂක, සෞඛ්‍ය සේවා වැනි විවිධ ක්ෂේත්‍රයන්වල තීරණ ගැනීමේදී හා පුරෝකතන කිරීම වැනි දෑ සඳහා මහඟු මෙහෙවරක් ඉටු කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමණාකරන මධ්‍යස්ථානය මෙම තාක්ෂණය 1999 වර්ෂයේ ආරම්භ කරන ලද අතර 2024 වර්ෂයේ දී 25 වන සැමරුම යෙදී ඇත. ලෝකයේ මෙම දිනය සැමරීම ආරම්භ කර වසර 25 සැපිරීමද මේ සමඟ යෙදී තිබීම විශේෂත්වයකි.