පලතුරු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය එළි දැක්වීම

ශ්‍රී ලංකාවේ පලතුරු අගයදාමයේ එක් එක් පියවරට සම්බන්ධ පාර්ශවකරුවන් ලියාපදිංචි කිරීමට තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීමේ වැඩසටහන 2023.11.01 වන දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂ මණ්ඩලය, හිටපු අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් සහ පලතුරු ක්ෂේත්‍රයට අදාල පාර්ශවකරුවන් පිරිසක් සහභාගී වූ අතර zoom තාක්ෂණය ඔස්සේ ද නිලධාරීන් සහ පාර්ශවකරුවන් සම්බන්ධ කරගන්නා ලදී

පලතුරු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතියට ලියාපදිංචි වීම සඳහා >>

https://fruitstakeholders.doa.gov.lk/ 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ද මේ සඳහා ලියාපදිංචි වීමේ පහසුකම සලසා ඇත.