නැකතට පැළයක් - ජාතික රුක් රෝපණ වැඩසටහන

2023 සිංහල හා හින්දු  අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද දිනට (20) යෙදී තිබුණු අතර ඒ  නිමිත්තෙන් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සංවිධානය කල ජාතික  වැඩසටහනට  සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එහි උප ඒකක මගින් ද පැල සිටුවීමේ  වැඩසටහන් සිය කාර්යාල පරිශ්‍රයන් තුල දී පවත්වන ලදී. 

මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තු පැල සිටුවීමේ අවස්ථාව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පි. මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් හා අනෙකුත් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ගන්නෝරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී සිදු කරන ලදී.