"දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන්" පිළිබඳ වැඩමුළුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබූ “දේශගුණ සුහුරු කෘෂිකාර්මික තාක්ෂණයන්” පිළිබඳ වැඩමුළුව 2024.04.04 දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.


මෙහිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබූ විවිධ දේශගුණික තත්වවලදී සාර්ථකව වගා කළ හැකි බෝග ප්‍රභේද පිළිබඳව ද, දේශගුණික වෙනස්වීම්වලට සාර්ථකව මුහුණදීම සඳහා හඳුන්වා දෙනු ලැබූ නව තාක්ෂණයන් පිළිබඳවද, එමෙන්ම ගොවීන් ඇතුළු පාර්ශවකරුවන් වෙත කාර්යක්ෂමව තොරතුරු ලබාදෙන ආකාරය පිළිබඳවද, ආකර්ශණීය ලෙස තොරතුරු ඉදිරිපත් කරන ලදී.


මේ අවස්ථාව සඳහා කෘෂිකර්ම වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මැතිතුමා, කෘෂිකර්ම වැවිලි කටයුතු අමාත්‍යාංශ ලේකම් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ දෙපාර්තමේන්තු හා ආයතන රැසක නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.