දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නවීකරණය කළ බීජ අලෙවිසැල හා තොරතුරු කේන්ද්‍රය විවෘත වේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි නවීකරණය කළ බීජ අලෙවිසැල හා කෘෂිකර්ම තොරතුරු කේන්ද්‍රය 2024.07.18 දින විවෘත විය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ සහ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්, දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර හා සංවර්ධන අංශයේ මෙහෙයවීමෙන් හා ජයිකා ව්‍යාපෘතියේ දායකත්වයෙන් මෙය නවීකරණය කර තිබේ.

මේ හරහා ගොවීන්ට හා ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ගුණාත්මක බීජ අවහිරයකින් තොරව ලබාගැනිමට හැකියාව ලැබෙනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමෙන්ම බෝග වගාවන්ට අවශ්‍ය තාක්ෂණ තොරතුරු, කෘෂි යෙදවුම් හා යන්ත්‍රෝපකරණ තොරතුරු මෙන්ම කෘෂි ව්‍යවසායකත්වය පිළිබඳ තොරතුරුද මෙම මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකියි.