ගොවි ක්ෂේත‍්‍ර දිනය හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය - 2023
(ගන්නොරුව කෘෂි තාක්ෂණික උද්‍යාන පරිශ‍්‍රය)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ ”ගොවි ක්ෂේත‍්‍ර දිනය හා  කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය” 2023.08.03 වන දින කෘෂිකර්ම අමාත්‍ය මහිින්ද අමරවීර මැතිතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර 2023.08.04 සහ 05 යන දිනයන්හි මහජනතාව සඳහා විවෘතව පැවතිණි. සමාරම්භක උත්සවය සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවිය ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,  විශ්ව විද්‍යාල සහ අනෙකුත් රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් ද සහභාගි විය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශ මඟින් එළිදක්වනු ලැබූ නව තාක්ෂණයන්, නව ප‍්‍රභේද  පිළිබඳ තොරතුරු මෙන්ම කෘෂිකර්මය ආශ‍්‍රිත දැනුම ජනතාව අතරට ගෙනයාම මෙම ප‍්‍රදර්ශනයේ අරමුණ වූ අතර, කෘෂිකර්මය ආශ‍්‍රිත විවිධ ආයතනවල ප‍්‍රදර්ශන කුටි රාශියක් ප‍්‍රදර්ශන භූමිය තුළ දක්නට ලැබුණි. එමෙන්ම කෘෂි නිෂ්පාදන හා කෘෂි යෙදවුම් මිලදී ගැනීමේ පහසුකම්ද සලසා තිබිණි.

පාසැල් සිසුන් හා වෙනත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන පාසැල් සිසුන් ඇතුළුව 12,000කට අධික පිරිසක් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.