ගන්නොරුව Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් පාරිභෝගික ජනතාවට විවෘත කෙරේ

ගන්නොරුව One Stop Super පරිශ්‍රයේ පිහිටි Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරෝමනී එදිරිමාන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2025-02-06 දින විවෘත කරන ලදී.

පාරිභෝගික ජනතාවට ගුණාත්මය තහවුරු කල කෘෂි නිෂ්පාදන මිලට ගැනීමට අවස්ථාව සැලසීම මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන් හට වැඩි අලෙවි අවස්ථාවන් සැලසීම මෙම Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල නවීකරණය කොට හා පුළුල් කොට විවෘත කිරීමේ ප්‍රධාන අරමුණු විය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර අංශය මගින් පවත්වාගෙන යනු ලබන මෙම අලෙවිසලේ අලෙවි කරන සියලුම නිෂ්පාදන කෘෂි ව්‍යාපාර අංශයේ අධීක්ෂණයකින් යුතුව අලෙවියට තබා ඇති නිසා පාරිභෝගික ජනතාවට විශ්වාසයකින් යුතුව එම නිෂ්පාදන මිලට ගැනීමේ අවස්ථාව පවතී.

අදාළ අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරෝමනී එදිරිමාන්න මහත්මිය , අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) G.G.V. ශාමලී මහත්මිය ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම Agrifresh කෘෂි ව්‍යවසායකත්ව සංසදයේ ව්‍යවසායක ව්‍යවසායකාවන් රැසක් සහභාගී විය.