කෘෂිකර්ම විද්‍යාල ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) සහ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය 2023.01.12 වන දින කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

මේ සඳහා ප්‍රධාන ආරධිතයා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලැබූ කීර්තිමත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ කේ. ජී. ශ්‍රියාපල මහතා සහභාගී වූ අතර වර්තමාන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) එච්. එම්. එස්. පී. හේරත් මහතා විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය. කෘෂිකර්ම විද්‍යාලවල විදුහල්පතිවරුන් හා කථිකාචාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1174 දෙනෙකුට මෙහිදී තිලිණ හා සහතික ප්‍රදානය කරන ලදී.