කෘෂිකර්ම පුනර්ජීවනය සඳහා වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැකසූ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යවරයා අතට

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය හා පොහොර හා කෘෂිරසායන ආනයනය හා භාවිතය තහනම් කිරීමේ තීරණය හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව බරපතල ලෙස තර්ජනයට ලක්වී ඇත.

මෙම තත්වයෙන් මිදී දේශීය කෘෂිකර්මාන්තය නැවත ගොඩ නැංවීම සඳහා ප්‍රධාන ආහාර බෝග නිෂ්පාදනය සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දිගු කාලීන පර්යේෂණ දත්ත මත පදනම්ව වඩාත් ප්‍රායෝගික කෙටිකාලීන, මාධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් වන යෝජනාවලියක්, පසුගිය 2022.06.28 දින කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් හා සියළුම අධ්‍යක්‍ෂවරුන්ගේ සහාභාගීත්වයෙන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී .

රජයේ සහ අදාල රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ හා කාර්යමණ්ඩලවල මෙන්ම කෘෂි ක්ෂේත්‍රයේ සියළු පාර්ශව කරුවන්ගේ සහභාගිත්වය හා කැපවීම මත, මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළහැකි බව මෙහිදී අවධාරණය විය.