කෘෂිකර්ම දෙපාර්තමේන්තු, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ගේ සාර්ථක ව්‍යාප්ති වැඩසටහන්/සංවර්ධන ව්‍යාපෘති ඇගයීම - 2023

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල ව්‍යාප්ති අංශයන්ගේ සේවයේ නියුතු නිලධාරීන් ක‍්‍රියාත්මක කරනු ලබන සාර්ථක ව්‍යාප්ති වැඩසටහන් ඇගයීම සඳහා සංවිධානය කරනු ලැබූ ඇගයීම් වැඩසටහනක් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප‍්‍රධානත්වයෙන් 2023.08.11 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණ.

මෙම ව්‍යාපෘති ඇගයීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  ජේ්‍යෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වූ අතර, ව්‍යාප්ති අංශවල විශාල නිලධාරි සංඛ්‍යාවක් මෙම ඉදිරිපත් කිරීම් නැරඹීම සඳහා පැමිණ සිටි අතර, Zoom තාක්ෂණය ඔස්සේද නිලධාරි පිරිසක් සහභාගී විය. විවිධ දිස්ත‍්‍රික්ක වල ක‍්‍රියාත්මක වූ සාර්ථක වැඩසහන් පිළිබඳ විස්තර මෙහිදී ඉදිරිපත් කළ අතර, ව්‍යාප්ති කාර්ය මණ්ඩලයට තම අත්දැකීම් හුවමාරුකර ගැනීමටද මහඟු අවස්ථාවක් හිමිවිය. ඉදිරියේදී සංවිධානය කරනු ලබන විශේෂ උත්සවයකදී මෙම වැඩසටහනේ ජයග‍්‍රාහී නිලධාරීන්ට සම්මාන තිළිණ හා සහතික පත් ලබාදීමට නියමිතය.