කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික සමුළුව ASDA - 2023

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25 වන වාර්ෂික මහා සම්මේලනයේ 2023.09.22 වන දින ගන්නෝරුව පැලෑටි ජන සම්පත් මධ්‍යස්ථානය, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සහ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවධ අංශ මගින් සිදු කරනු ලැබූ සේවාවන් හා පර්යේෂණ අංශ වල නව සොයාගැනීම් පිළිබද තාක්ෂණික සැසියේදී ඉදිරිපත් කිරීම් සිදුකරන ලද අතර ප්‍රධාන ආරාධිත දේශනය ආචාර්ය ගයත්‍රී ආචාර්යා මහත්මිය විසින් සිදු කරන ලදි.

මෙහිදී ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි මහතා වසරේ හොදම කෘෂි විද්‍යාඥයා ලෙසද, එස්. සතීෂ්වරම් මහතා වසරේ හොදම කෘෂි විශේෂඥයා ලෙසද, හොදම පෝස්ටර් ඉදිරිපත් කිරීම සදහා කේ.එම්.ඩී.ඩබ්.පි. නිශාන්ත මයාද, සම්මානයට පාත්‍ර විය. හොදම පර්යේෂණ පත්‍රිකාව ලෙස ආචාර්ය ඒ.ජී. චන්ද්‍රපාල, කේ.එම්.ඒ. කෑදරගමගේ, එස්.කේ. වෙත්තසිංහ සහ සී. දිසානායක ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව තේරී පත්විය.

කෘෂිකර්ම ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවාව වෙනුවෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විශේෂ සම්මාන ඩබ්.ඒ. විජිතවර්ණ මහතා, කේ.පී. සෝමචන්ද්‍ර මහතා, අයි.ජී.කේ. ජානක මයා, එච්.එම්.ජේ.කේ. හේරත් මහතා සහ එස්. සෙල්වකුමාර මහතා, එම්.එෆ්. සනීර් මහතා  යන නිලධාරීන් හිමි කරගන්නා ලදි.