කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර දින පැවැත්වීම 2023.07.26
පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල ක්ෂේත්‍ර දිනය

අරමුණ

පහත සඳහන් අරමුණු 3 මූලික කරගෙන මෙම ක්ෂේත්‍ර දිනය පවත්වන ලදී.
1.පොලොන්නරුව ගොවිපළේ ලබාගත් ක්ෂේත්‍ර හා කළමනාකරණ අත්දැකීම් ගොවීන් සමග බෙදාගැනීම.
2.මූලික බීජ නිෂ්පාදනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම
3. පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල දේශීය කෘෂිකර්මාන්තයට දක්වන දායකත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම

පහත සඳහන් කරුණු පිළිබඳව පාසල් සිසුන්, ගොවි මහතුන් හා නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

  1. පැළ තවාන– පැළ බද්ධ කිරීම, පස් මිශ්‍රණ සැකසීම, පැළ නඩත්තු කිරීම ආදී කරුණු
  2. අතිරේක ආහාර බෝග වගාව – අතිරේක ආහාර බෝග වර්ග ප්‍රභේද, ප්‍රභේද වල ලක්ෂණ හා බීජ නිෂ්පාදනයේ දී යොදාගන්නා තාක්ෂණික කරුණු පිළිබඳව ඉදිරිපත් කිරීම.
  3. එළවළු වගාව – බණ්ඩක්කා, පිපිඤ්ඤා, වම්බටු බීජ නිෂ්පාදනය පිළිබඳව ඉදිරිපත් කිරීම.
  4. කාබනික පොහොර නිෂ්පාදනය – කාබනික පොහොර නිෂ්පාදන ක්‍රම පිළිබඳව ආදර්ශනය කිරීම, භාවිතාවන උපකරණ පිළිබඳව හඳුන්වා දීම ආදිය
  5. වී වගාව – පොලොන්නරුව බීජ නිෂ්පාදන ගොවිපල නිෂ්පාදනය කරන අත්තිවාරම ප්‍රභේද 18 හා ලියාපදිංචි ප්‍රභේද 16 පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීම. බීජ වී නිෂ්පාදනයේ මූලධර්ම හා ප්‍රභේද ලක්ෂණ ඉදිරිපත් කරන ලදී.
  6. යාන්ත්‍රික අංශය – වගා කටයුතු සඳහා භාවිතා කරන විවිධ ආකාරයෙන් නගුල් වර්ග, ට්‍රැක්ටර් රථ, පැල සිටුවන යන්ත්‍ර, අතුරුයත් ගෑමේ උපකරණ, බීජ වී එකතු කිරීමේ උපකරණ වැනි විවිධ උපකරණ ප්‍රදර්ශනය කිරීම.

සහභාගිත්වය

  • පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරන සිසුන්
  • බීජ නිෂ්පාදනයේ නියැලී සිටින ගොවිමහතුන්, ගොවි සංවිධාන, සමුපකාර සමිති හා සමාගම්.
  • බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාලය හා ගොවිපළවල නිලධාරීන්.
  • කෘෂි කර්මාන්තයට අදාලව කටයුතු කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙනත් අංශවල නිලධාරීන්.