වී වගාවේ පත්‍ර කහපැහැ වීම හා වර්ධනය බාල වීමේ තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක්

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තාවන වී වගාවේ පත‍්‍ර කහපැහැවීම හා වර්ධනය බාලවීමේ තත්වය හා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිදුකරනු ලැබූ සාකච්ඡාවක් 2023.01.23 දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලති මෙනවියගේ ප‍්‍රධානත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී පැවැත්විය.

මෙම සාකච්ඡාව සඳහා මෙම ගැටළුව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාල අංශවල දැනට සේවය කරන සහ කලින් සේවය කළ අත්දැකීම් ඇති නිලධාරීන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව ආදිය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.

දිවයින තුළ වී වගාවේ වර්තමාන තත්වය පිළිබඳ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කරුණු පැහැදිලි කරන ලදී. ගතයුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම හා මෙම ගැටළු හමුවේ ඉදිරි 2023 යල කන්නය සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.