කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව පත්වීම්
කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් විශ්‍රාම ගැනීම හා වෙනත් තනතුරු සඳහා උසස් වීම් ලැබීම නිසා පුරප්පාඩු වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම පසුගිය කාලය තුල සිදු විය.
2024 නොවැම්බර් 12 වන දින සිට ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
2025.05.29 වන දින ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ලෙස රාජකාරි ආරම්භ කළ අතර, කේ.එස්.ඩී. දිසානායක මහත්මිය 2025.06.02 වන දින සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරෙහි රාජකාරි කටයුතු භාරගන්නා ලදී.