කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන 21 ක් සෘජුවම ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙය පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආහාර නිෂ්පාදන සමාගම් ගණනාවක් මේ අවස්ථාවට කැඳවා තිබුණු අතර, එළිදක්වන ලද නව තාක්ෂණයන් හා නිෂ්පාදන ඔවුන්ගේ අවදානයට ලක් විය. ඒ අනූව හඳුන්වා දුන් නිෂ්පාදන බොහොමයක් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සමාගම් විසින් නිෂ්පාදනය කරගෙන යාම සඳහා ඉල්ලුම් කරන ලදී.
ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානි ඉහළ සහ පෝෂණීය වටිනාකමක් ඇති කෘෂිකාර්මික බෝග මූලික කොට සකස් කර ඇති මෙම නිෂ්පාදන සඳහා රසකාරක, වර්ණකාරක කිසිවක් ඇතුලත් කර නොමැත. හැකි තරම් ස්වභාවික නිෂ්පාදන ලෙස සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවගේ වැරදි ආහාර පරිභෝජන රටාව වෙනස් කිරීම, දරුවන්ගේ පෝෂණ ගැටළු වලට පිළියම් යෙදීම, රටේ ජාතික ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සහ දේශීය හා අපනයන වෙළඳපොළ ජය ගැනීම මෙම නිෂ්පාදනයන්හි මූලික අභිමතාර්ථයන් විය. මෙම නිෂ්පාදන ඉතා කෙටි කාලයක් තුළ ආහාර නිෂ්පාදන සමාගම් හරහා නිෂ්පාදනය කර වෙළඳ පොළට ඉදිරිපත් කර ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ගැටළු රැසකට විසදුම් ලබාදීම මෙම වැඩසටහන හරහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉලක්ක කොට ඇත.