අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය සදහා වූ ක්ෂේත්‍ර දිනය දඹුල්ල - 2022-03-08

සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන අර්තාපල් නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන 2021-2023 අදාළව නව වගා භූමි භාවිතය තුලින් ඵලදායිතාව ඉහල නැංවීම අරමුණු කරගනිමින් දඹුල්ල කලාපයේ, දඹුල්ල කෘෂිකර්ම උපදේශන කොට්ඨාශය තුල ක්‍රියාත්මක වූ අර්තාපල් නව වගා භූමි නිරීක්ෂණය හා අස්වනු සමීක්ෂණය සදහා වූ ක්ෂේත්‍ර දිනය – 2022-03-08 දින අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්, ජයන්තා ඉලංකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, රණතුංග බණ්ඩාර මහතා , අර්තාපල් බෝග නායක M.C. ජයසිංහ මහතා ඇතුලු නිලධාරී පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.