rrdi_ricediseases_riceblast_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ශ්‍රී ලංකාවේ වී - වී රෝග

කොළ පාළුව

රෝග කාරකය

Magnaporthe grisea (Pyricularia grisea)  දිලීරය

බලපෑමට ලක්විය හැකි කොටස් හා වර්ධක අවස්ථා

ශාකයේ ඕනෑම වර්ධක අවධියක් ආසාදනය කළ හැකිය

පත්‍ර මත , කඳේ ගැට මත, කරලේ කොටස් මත, වී ඇට මත ලප ඇතිකරයි

රෝග ලක්ෂණ

පත්‍ර මත හටගන්නා ලප , දෙපස මහත්ව කෙලවර උල්වී , තර්කුවක ගනී. පත්‍රය මත විසිර පවතී

විශාල වූ ලපවල මධ්‍යය අළු පැහැයක් ගනී

මෙම රෝගය කඳේ ගැට වලට අසාදනය වූ විට එම ස්ථාන කළු පැහැයට හැරී, කඳ එම ස්ථානයෙන් කඩ වැටේ.තවද පත්‍ර කොපුවේ උපධානය කළු පැහැයක් ගෙන කුණුවී පහසුවෙන් බිඳේ.

කරලේ ගෙල වෙත මෙම දිලීරය අසාදනය වූ විට එය කළු පැහැයට හැරී බිඳීයයි

ගෙල කුණුවීම නැමති මෙම අසාදනය නිසා වී ඇට පිරීමට බාධාවන නිසා බෝල් කරල් හටගනී

රෝගයට හිතකර තත්වයන්

රාත්‍රී කාලයේ අඩු උෂ්ණත්වය (17-20C)

අධික ආර්ද්‍රතාවය

නයිට්‍රජන් පොහොර අධික ලෙස යෙදීම

මීදුම සහ අඳුරු දේශගුණික තත්ත්වයන්අධික පැලෑටි ඝනත්වය

අවදානමට ලක්විය හැකි ප්‍රභේද

Bg 358Bg 357Bg 360Bw 367At 373Bg 94/1

රෝග කළමනාකරණය

වගා කාලය තුළ

නිර්දේශිත මාත්‍රා වලින් යූරියා යෙදීම හෝ පත්‍ර වර්‍ණ දර්ශකය අනුව යූරියා යෙදීම.

වල් පැලෑටි කළමනාකරණය

රෝගය වේගයෙන් ව්‍යාප්ත වුවහොත් පහත සඳහන් දිලීර නාශක යෙදිය හැකිය

          • ටෙබුකොනසෝල් 250g/l EC-මිලි ලීටර් 10 ක් ජලය ලීටර් 16 ක දියකර හරින්න (අක්කරයකට ටැංකි 8-10)
          • Isoprothiolane 400g/l EC-මිලි ලීටර් 20 ක් ජලය ලීටර් 16 ක දියකර හරින්න (අක්කරයකට ටැංකි 8-10)
          • කාබෙන්ඩසීම් 50% WP/ WG-ග්‍රෑම් 11 ක්/ මිලි ලීටර් 11 ක් ජලය ලීටර් 16 ක දියකර හරින්න (අක්කරයකට ටැංකි 8-10)
          • ට්‍රයිසික්ලාසෝල් 75 % WP-ග්‍රෑම් 10 ක් වතුර ලීටර් 16 ක දියකර හරින්න (අක්කරයකට ටැංකි 8-10)

බෝගයට ආසාදනය වී ඇත්නම් ඊළඟ කන්නය සඳහා පහත සඳහන් කළමනාකරණ විකල්ප යෙදිය යුතුය

    • ප්‍රතිරෝධී ප්‍රබේධ භාවිතය (Bg 403, Bg 406, Bg 366, Bg 359, Bw 361, 306 දී, Bg 250)
    • රෝග වලින් තොර සහතික කළ බිත්තර වී භාවිතය
    • බිම සකස් කිරීමේදී පසට පිළිස්සූ වී පොතු(අක්කරයකට කිලෝග්‍රෑම් 253) එකතු කිරීම.
    • රෝග වලින් ආසාදිත පිදුරු එකතු කිරීමෙන් වලකින්න