RRDI_Rice_Introduction_MajorFocuses_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල්

ඉහළ ඵලදායිතාවයක් ළඟාකර ගැනීම සඳහා දැනට අවධානය යොමු කරන ලද ක්ෂේත්‍ර

සුදුසුම වී ප්‍රබේධ තෝරා ගැනීම
  • දේශගුණික විපර්යාස වලට ඔරොත්තුදෙන
  • රෝග පළිබෝධ වලට ප්‍රතිරෝධී
  • ඉහළ අස්වැන්නක් සහිත
  • පාරිභෝගිකයා ආකර්ෂණය කරන සුවඳකින් යුතු
  • ඉහළ පෝෂක ගුණාත්මය සහිත
  • දුර්වල පරිසර තත්ව යටතේ හැදෙන (උදා: ලවණතාව වැනි)
  • කෘෂි රසායන මගින් සිදුවිය හැකි අස්වනු හානිය සඳහා ඔරොත්තු දෙන
  • පොහොර සහ කෘෂි රසායන සඳහා ඉහළ ප්‍රතිචාර දක්වන
  • වල් පැලෑටි සමග තරඟ කළ හැකි 
බීජ භාවිතය කාර්යක්ෂම කිරීම
  • ඒකක භූමි ප්‍රමාණයකට අවශ්‍ය වන බීජ ප්‍රමාණය අඩු කිරීම
  • රෝග කළමනාකරණය සඳහා බීජ ප්‍රතිකාර
  • බීජ වී අවශ්‍ය තරම් ලබාගත හැකි තත්ව ඇති කිරීම
  • කාර්යක්ෂම ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දීම
වගා කන්න
  • අතිරේක කන්න වගා කිරීමේ හැකියාව සොයා බැලීම
  • ජල සැපයුම / වර්ෂා පතනය හා සසඳමින් කන්න ආරම්භක දිනට පෙර හෝ පසු වගාව ඇරඹීමේ හැකියාව
  • කාර්යක්ෂම හා අවම ජල භාවිතය
  • කන්නය තුල පළිබෝධ ගහනයෙහි වෙනස්වීම අධ්‍යයනය මගින් කාර්යක්ෂම පලිබෝධ කළමනාකරණය 
නිසි බිම් සකස් කිරීම

බිම් සකස් කිරීම සාර්ථක බෝගයකට මඟ පෑදිය හැකි ප්‍රධාන පියවරකි. කාර්යක්ෂම සහ ප්‍රශස්ත බිම් සකස් කිරීමේ ක්‍රම හඳුනා ගනීම සඳහා

  • යාන්ත්‍රිකරණය උපරිම වශයෙන් භාවිතාකළහැකි වගාපද්ධති ·       
  • පසෙහි පවතින පළිබෝධ ජීවන චක්‍ර අවධි කළමණාකරණය කිරීමේ ක්‍රම·       
  • බිම් සකස් කිරීම සඳහා අවම ජල භාවිතය·       
  • ලාබදායී සහ පහසු පස මට්ටම් කිරීමේ ක්‍රම
බෝග පිහිටුවීම
  • ඉහළ අස්වැන්නක් සහ අඩු පළිබෝධ හානි සඳහා සහාය වන ක්ෂේත්‍රයේ ප්‍රශස්ත ශාක ඝනත්වයන්
  • ශ්‍රම පිරිවැය අවම කර ගත හැකි ක්‍රම
  • යාන්ත්‍රික බෝග ස්ථාපිත ක්‍රම
පෝෂණ කළමනාකරණය
  • අවම අත්‍යවශ්‍යය ප්‍රමාණයට පෝෂක යෙදුම් කළමනාකරණය
  • කාබනික ගොවිතැන සඳහා ප්‍රශස්ත පිළිවෙත්
  • පෝෂක යෙදුම් කළමනාකරණය හරහා පළිබෝධ කළමනාකරණය
  • පෝෂක සඳහා ශාක ප්‍රතිචාරය වැඩි දියුණු කිරීම
  • පසේ තත්වය වැඩිදියුණු කිරීම සඳහා පසට එක්කල හැකි ද්‍රව්‍ය(රසායනික, ශාකමය හෝ සත්වමය (ජීවී හෝ අජීවී))
  • යාන්ත්‍රික/ස්වයංක්‍රීය යෙදුම් ක්‍රම
ජල කළමනාකරණය
  • ජලය ලබාගැනීම සඳහා ශාකවල හැකියාව වැඩි දියුණු කිරීම
  • ජල ආතති තත්වයන් තුළ ශාක මගින් ජලය අවශෝෂණය කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම
  • පාවිච්චි කළ ජලය නැවත භාවිතය
  • ජල තත්ව කළමනාකරණය (වගාවට සපයන සහ ඉන් පිටතට ගලායන ජලය)
  • ශාකවලට අවශ්‍යය ජල ප්‍රමාණය අවම කළහැකි ක්‍රම (නව ප්‍රබේධ/ බිම් සැකසුම් ක්‍රම ආදිය)
පළිබෝධ සහ රෝග කළමනාකරණය
  • එක් එක් පළිබෝධ සඳහා ප්‍රශස්ත ඒකාබද්ධ කළමනාකරණ ක්‍රම
  • ක්ෂේත්‍රයක පළිබෝධ ප්‍රජාව කළමනාකරණය කළ හැකි ඒකාබද්ධ ක්‍රම
  • අවම අත්‍යවශ්‍ය ප්‍රමාණයට භාවිතය හරහා කෘෂි රසායන භාවිතය අඩු කිරීම
  • පළිබෝධ අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීම
  • හදිසි ප්‍රතිචාර සූදානම
  • පළිබෝධ හානිවලට ඔරොත්තු දීම සඳහා බෝගයට සහාය විය හැකි පාරිසරික තත්ත්වයන් සකස් කිරීම.
  • පළිබෝධකයන්ගේ පැවැත්ම අඩාල කරන අජීවී සහ ජෛව පරිසරය සකස් සකස් කිරීම
  • ජෛව පාලන ක්‍රම සහ ස්වභාවික වල් නාශක
වල් පැලෑටි කළමනාකරණය
  • අලුතින් වාර්තා වූ වල් පැලෑටි ඇතුළුව වී වගා කරන ප්‍රධාන ප්‍රදේශවල ඇති වල්පැලෑටි විශේෂ හඳුනා ගැනීම සහ සමීක්ෂණය කිරීම
  • අවස්ථානුරූපීව වල පැළෑටි බවට පත්වන විශේෂ වගා වපසරිය තුල වල්පැළෑටියක් ලෙස හැසිරීමට හේතුවන බාහිර සාධක අවබෝධකර ගැනීම සහ එවැනි තත්වයන් කළමනාකරණය කිරීම
  • වල් පැලෑටි ගහනයන් සහ ප්‍රජාවන් සිතියම්ගත කිරීම
  • නිරවද්‍ය වල් පාලන ක්‍රම
  • පළිබෝධනාශක භාවිතය අඩු කිරීම සඳහා ඉලක්කගත වල් නාශක හදුන්වාදීම සහ ඉලක්කගත වල්නාශක යෙදුම් ක්‍රම හඳුන්වා දීම
  • වල් පැලෑටි විශේෂ, ජනගහනය සහ ප්‍රජාවන්ගේ පරිණාමීය රටා
  • විශේෂවල සහජීවනය (ශාක-ශාක සහ ශාක පළිබෝධ/රෝග)
  • වල් පැලෑටි වල දෙමුහුන් රටා
  • වල් පැළෑටි විශේෂ පාරිසරික තත්වයන්ට සහ කෘෂිරසායන වලට ඔරොත්තුදෙන ආකාරය
  • වගා වපසරිය තුල පවතින බෝගය නොවන වෙනස් ශාක සැබවින්ම වගාවට හනිකරද යන්න අධ්‍යයනය
  • වල්පැළෑටි ස්ථාපනය , වර්ධනය සහ පැතිරීම වලක්වන පාරිසරික සාධක සකස්කිරීම
  • පාංශු බීජ බැංකු වල ස්වභාවය හඳුනාගැනීම සහ කළමනාකරණය
පසු අස්වනු ගුණාත්මකභාවය

වෙළෙඳපොළ ඉල්ලුම මත පදනම්ව අධියර වශයෙන් අස්වැන්න වෙළඳපොල වෙත යොමු කරන බැවින් නිෂ්පාදනවල පසු අස්වනු ගුණාත්මකභාවය දිගුකාලීනව කළමනාකරණය කළ යුතුය.

  • දිගු කාලීන ගබඩා පහසුකම් සඳහා ප්‍රමිතිය සකස් කිරීම
  • ගබඩා කර ඇති වී වල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යාන්ත්‍රණ
  • වී කෙටීමේදී ධාන්‍ය ගුණාත්මය පවත්වාගෙන යාමේ ක්‍රම සහ වෙනත් අප ද්‍රව්‍ය සහලින් වෙන් කිරීමේ ක්‍රම
  • ධාන්‍ය වියලීමට සහ තැම්බූ සහල් සකස් කිරීමට සුදුසු ක්‍රම
  • පළිබෝධ සහ රෝග වලක්වීම සඳහා ඇසුරුම් සහ ප්‍රතිකාර ක්‍රමවේද
  • සුළු පරිමාණ විශේෂිත වෙළඳපොල , අන්තර්ජාතික වෙළඳපොල අවස්ථා සලසා ගැනීම සහ ජනප්‍රියකරණය
  • සහල් සඳහා අගය එකතු කිරීම
  • වී පසු අස්වනු කාලසීමාවේ විවිධ අධියරයන් යන්ත්‍රිකරණය කරමින් ගුණාත්මය රැකගැනීම
  • නිෂ්පාදන දත්ත කළමනාකරණය
  •  
අජීවී ආතති ප්රකතිචාරය

ගෝලීය දේශගුණික විපර්යාසයන් ආහාර නිෂ්පාදනයට සහ ඵලදායිතාවයට ඍණාත්මක හෝ ධනාත්මක බලපෑම් ඇති කළ හැකිය. මීට අමතරව, සමහර පාරිසරික වෙනස්කම් වෙනත් පාරිසරික සාධක මත අන්‍යෝන්‍ය බලපෑම් ඇති කළ හැකිය. මෙම ගැටළු විසඳීමට ඉලක්ක කරගත් පර්යේෂණ සඳහා අවධානය යොමුකර ඇත:

  • වී ශාකයේ පවතින පරිසර අතතීන්ට ඔරොත්තු දෙන / ඔරොත්තු දිය හැකි ජාන වර්ග හඳුනා ගැනීම
  • ශාක සඳහා ආතතියෙන් මිදීමේ යාන්ත්‍රණ හඳුන්වා දීම
  • ශාකවල කාර්යක්ෂම පාරිසරික සම්පත් භාවිත කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම
  • ප්‍රභාසංශ්ලේෂණ කාර්යක්ෂමතාව සහ ඉහළ අස්වැන්නක් උත්පාදනය කරන ශාක භෞතික විද්‍යාත්මක ක්‍රියාවලීන් හඳුනා ගැනීම
  • අලුතින් ඇතිවන අජීවී ආතතීන් සඳහා සූදානම (කාබන්ඩයොක්සයිඩ් වැඩි පරිසර තත්ව ආදී)
  •  
නව නිෂ්පාදන හදුන්වාදීම

පරිසර හිතකාමී, සෞඛ්‍ය ආරක්ෂිත, ලාබදායි සහ භාවිතයට පහසු රසායනික ද්‍රව්‍ය සහ යාන්ත්‍රික උපාංග ගොවියාගේ භාවිතය සඳහා දේශීයව සංවර්ධනය කළ හැකිය.

  • පරිසර හිතකාමී, පළිබෝධනාශක/වල්නාශක හදුනාගැනීම
  • යම් පලිබෝධ සඳහා ඉලක්කගත පලිබෝධනාශක හදුනාගැනීම
  • පලිබෝධනාශක, පොහොර, බීජ ආදී සැපයුම් ක්ෂේත්‍රයට ලබාදීම සඳහා අවශ්‍යය ප්‍රමාණය අවශ්‍යය ස්ථානයේදී පවතින පාරිසරික තත්වයට ගැලපෙන ලෙස ලබාදිය හැකි ප්‍රශස්ත යාන්ත්‍රික ක්‍රම හදුන්වාදීම
  • වගාවේ සෑම අදියරකදීම ශ්‍රම පිරිවැය අඩු කළ හැකි උපකරණ සහ යන්ත්‍රෝපකරණ හදුන්වාදීම
  •  

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.