RRDI_Div_RiceBreeding_4_4.5MonthRice_Si

RRID- Bathalagoda LOGO

ශාක අභිජනන අංශය

4 - 4 1/2 මාස් වී

මාස 4-4½ වී වගාව සඳහා ප්‍රභේද වාර්ෂික වී නිෂ්පාදනයෙන්  4- 6% ආවරණය කරන අතර එය බෝග සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් විවිධ ආකාරවලින් වැදගත් වේ. විශේෂයෙන් මුල් වර්ධන අවධීන්හිදී හදිසි දේශගුණික හා පාරිසරික උපද්‍රවයන් ජය ගැනීමට මෙම ප්‍රභේද‍‍යන්ට  හැකියාවක් ඇති අතර අනෙකුත් වයස් කාණ්ඩවල ප්‍රභේද‍‍යන් වගාකළ වර්ධනය නොහැකි ස්ථානවල මේවා වගා කළ හැක. එබැවින් හිතකර පාරිසරික තත්ත්වයන් යටතේ තිරසාර ඉහළ ධාන්‍ය අස්වැන්නක් ලබා ගැනීමට  මෙම වයස් කාණ්ඩය වැදගත් වේ.

සේව‍ාවන්

  •   මාස 4-4 ½ ඉහල අස්වැන්නක් සහිත නව සහල් ප්‍රභේද ගොවීන්ට  හඳුන්වා දීම·         
  • ජාතික බීජ නිෂ්පාදන වැඩසටහනට දායක වීම සඳහා  මාස 4-4 ½  නව සහල් ප්‍රභේද වල අභිජනන බීජ නිෂ්පාදනය 
  • විශ්වවිද්‍යාල සිසුන්, ඩිප්ලෝමා සිසුන් සහ පාසල් සිසුන් සඳහා වී නව සහල් ප්‍රභේද සහ අභිජනන බීජ නිෂ්පාදනය පිළිබඳ පුහුණු හා ක්ෂේත්‍ර මට්ටමේ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ත‍‍ාක්ෂණයන්

  • අලුතින් හඳුනාගත්  මාස 4  වී වර්ගය (Bg 08-1909 ) 2019  ප්‍රබේද හඳුන්වා දීමේ කමිටුවේදී  Bg 409 ලෙස නිකුත් කරන ලදී.

අංශ ප්‍රධානී

ආර්.එම්.එන්.එච්.සේනානායක මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ )