RRDI_CropEstablishment_Sowing_DirectSowing_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

බීජ වැපිරීම

  • මෙම ක්‍රමය බිජ පැළ සිටවීමට වඩා ආර්ථික වශයෙන් ලාභදායක බැවින් බොහෝ ගොවීන් අතර ප්‍රචලිත ක්‍රමයකි.
  • බීජ වැපිරීම ක්‍රම 3කින් සිදු කළ හැකිය    වැඩිදුර කියවන්න >>
    • තෙත් ක්‍රමයට බීජ වැපිරීම
    • වියළි ක්‍රමයට බීජ වැපිරීම
    • ජලය මතට බීජ වැපිරීම
  • බීජ වැපිරීම සඳහා අක්කරයකට අවශ්‍යය වන බීජ ප්‍රමාණය වැදගත් සාධකයක් ලෙස සළකනු ලැබේ.

අක්කරයකට අවශ්‍යය වන බීජ ප්‍රමාණය ...........

  • ප්‍රශස්ත තත්ව යටතේ සාර්ථක වගාවක් පවත්වා ගැනීම සඳහා වර්ග මිටරයකට කරල් 350-400 අතර පවත්වාගත යුතුවේ.
  • මේ කරුණු සලකා බලා බීජ අවශ්‍යයතාවය සකස්කර ගත යුතුය.
    • මධ්‍යම ප්‍රමාණයේ  බීජ සහිත ප්‍රබේධ (බීජ 1000 ක බර  ග්‍රෑම් 23-25 අතර)-හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 100 පමණ
    • කුඩා බිජ සහිත ප්‍රබේධ (සම්බා වැනි) –  හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 75-80 පමණ
  • බීජ බර වැඩිවන විට අක්කරයක වපසරියක් සඳහා අවශ්‍ය වන බීජ ප්‍රමාණයද වැඩි වේ.

වී ප්‍රබේධ වර්ග – වැඩිදුර කියවන්න

  • වියළි ක්‍රමයට බීජ වැපිරීමේදී, විවිධ හේතු මත බීජවලට හානි සිදු විය හැකි බැවින්, අක්කරයකට බීජ අවශ්‍යතාව තීරණාත්මක සාධකයක් වේ

නිවැරදි බීජ අවශ්‍යතාව යොදා නොගැනීම..........

  • වගාවට අහිතකරයි.
  • එකම ප්‍රබේධයේ නිර්දේශිත බීජ අවශ්‍යතාවට වඩා
    • අඩුවෙන් බීජ භාවිතා කිරීමෙන් – කරල් නොසෑදෙන රිකිලි ගණන වැඩි වේ.
    • වැඩියෙන් බීජ භාවිතා කිරීමෙන් –
      • පැළ ගහණය වැඩිවී අස්වැන්න අඩු වේ
      • ඇතිවන බීජ පැල දිරියෙන් අඩුය
      • කරල් කුඩා වේ
      • රෝග පළිබෝධවලට ලක් වීමේ හැකියාව වැඩිය
    • එවැනි විටෙක ඒකාකාරී පැළ ගණත්වයක් පවත්වා ගැනීමට නම්
      • පැළ ගහණය වැඩි තැන්වලින් පැළ ගලවා ඉවත් කිරීමත්
      • පැළ ගහණය අඩු තැන්වල පැළ නැවත සිටුවීමත් කළ හැක