RRDI_Cropestablishment_Sowing_Directsowing_SeedlingBroadcasting_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

බීජ පැල වැපිරීම

බීජ පැල වැපිරීම සිදු කරන්නේ කෙසේද?

  • බීජ වැපිරීමේදී මෙන් නොව මෙහිදී වැපිරීම සඳහා බීජ පැළ භාවිතා කරයි.
  • මෙලෙස බීජ පැල වැපිරීමටනම් බීජ පැල යම් ස්කන්ධයකින් යුතු විය යුතුයි. බීජ පැල වල මුල් සම්බන්ධව ඇති පස් කැටිති මෙම අවශ්‍යතාවය සපුරයි.
  • මෙලෙස පැල ලබා ගැනීමටනම් අදාල පැල පැරෂුට් තැටි වල වගා කළ යුතුයි.
  • පැරෂුට් තැටි මත වගාකරන ලද දින 12ක් පමණ වැඩුණු බීජ පැළ ඒකාකාරී පැළ ඝනත්වයක් ඇති වන පරිදි හොඳින් බිම් සකස් කළ ක්ෂේත්‍රයක විසුරුවා හරිනු ලැබේ.
  • බීජ පැළ ඝනත්වය වර්ග මීටරයට 35-40අතර රඳවා ගැනීමෙන් උපරිම අස්වැන්නක් ලබාගත හැකිය.

ලැබෙන වාසි

  • හෙක්ටෙයාර එකට අවශ්‍යවන බීජ ප්‍රමාණය අඩුයි.
    (සාමාන්‍යය අවශ්‍යතාවය වන  හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 100 සිට කිලෝග්‍රෑම් 20-30 දක්වා අඩුවේ)
  • ශ්‍රම අවශ්‍යතාවය 50% ක් දක්වා අඩුකර ගත හැකිය.
  • වෙනත් තවානක සිට පැළ ගලවා සිටුවීමේදී මුල් පද්ධතියට සිදුවන හානිය මෙහිදී සිදු නොවන බැවින් ඉතා ඉක්මනින් ක්ෂේත්‍රයේ ස්ථාපනය කරගත හැකි අතර පැළවල තත්ත්වය බාල වීම වලකී.
  • වැඩි පඳුරු සංඛ්‍යාවක් ඇති කරන අතර සාමාන්‍යය ක්‍රමයට වඩා දින 7-8 පෙර අස්වැන්න ලබාගත හැකිය.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.