- සි
- த
![RRID- Bathalagoda LOGO RRID- Bathalagoda LOGO](https://doa.gov.lk/wp-content/uploads/elementor/thumbs/RRID-Bathalagoda-LOGO-oytklyeo2tjyxrrsc15wzqci0dt1clhcrbnamyokju.png)
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : rrdi@doa.gov.lk
- දුරකථන අංකය : +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
ශ්රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම
බීජ වැපිරීම සඳහා භාවිතා කරනු ලබන විවිධ ක්රම
![](https://doa.gov.lk/wp-content/plugins/elementor/assets/images/placeholder.png)
තෙත් බීජ වැපිරීම
සිදුකරනු ලබන ආකාරය
- හොඳින් බිම් සකසා, පෝරු ගා මට්ටම් කරගත් ක්ෂේත්රයට ප්රරෝහණය කළ බීජ වපුරනු ලැබේ.
- බීජ අහඹු ලෙස හෝ පේලි (යන්ත්ර හෝ මිනිස් ශ්රමය භාවිතයෙන්) වශයෙන් වැපිරීම සිදු කෙරේ.
- වර්ග මීටරයකට බීජ 400
- වැපිරීමෙන් පසු, බීජ පැළ වියළීම වළක්වා ගැනීමට වරින් වර ක්ෂේත්රය තෙත් කළ යුතුය.
- වල් පැලෑටි පාලනය කිරීම සඳහා වැපිරීමෙන් සතියකට පසු (බීජ පැල සෙ.මී. 5 ක්) සෙ. මී. 2ක් පමණ උසට වතුර බැඳීම සිදු කෙරේ.
අවධානය යොමු විය යුතු කරුණු
- වගාව ක්ෂේත්රය තුල හොඳින් ස්ථාපනය වීම විවිධ කරුණු මත පදනම් වන අතර ඒ අනුව ක්ෂේත්රය තුල පැල ගහනයේ අඩු වැඩි වීම් සිදු විය හැකිය.
- ගුණාත්මක බීජ (සහ බීජ දිරිය)
- බිම්සැකසීමේ ගුණාත්මකභාවය
- වල් පැල මඟින් ඇති කරනු ලබන තරඟකාරීත්වය
- ජල කළමනාකරණය
- අහිතකර පාරිසරික තත්ත්වයන් (උ.දා. වැපිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේ වර්ෂාපතනය) සහ
- භෞතික හානි
- දිරිමත් බීජ භාවිතය මඟින් මෙම ගැටළු මග හරවා ගත හැක.
- බීජ පේළි වශයෙන් වැපිරීමෙන්
- යාන්ත්රික වල් පැලෑටි වල පාලනය
- බෝගය පහසුවෙන් කළමනාකරණය කිරීම
- බීජ පැලවල ප්රශස්ථ ඝනත්වය පවත්වා ගැනීමට හැකිවේ
- වියදම් සහගත බව නිසා මෙන්ම යන්ත්ර ලබා ගැනීමේ අපහසුව නිසා පේලි වශයෙන් වැපිරීම එතරම් ප්රචලිත නොවේ.
![](https://doa.gov.lk/wp-content/plugins/elementor/assets/images/placeholder.png)
වියළි බීජ වැපිරීම
සිදුකරනු ලබන ආකාරය
- කණු කැපුණු බීජ වියලි පස මත වැපිරීම කරනු ලැබේ.
- කැකුලන් හෝ මානාවාරි ක්රමය ලෙසින්ද ප්රචලිතය.
- අහඹු ලෙස හෝ පේලි වශයෙන් වැපිරීම සිදු කෙරේ.
- මෙම බීජ වියලි පසට වපුරන බැවින් බීජ වලට සිදුවන හානිය වැඩි බැවින් වැඩි බීජ ප්රමාණයක් වැපිරිය යුතුය.
- පාරිසරික හේතුන් මත හෝ
- භෞතික හේතූන් මත
- වල් පාලනය සඳහා වපුරන බීජ ප්රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 150 සිට කිලෝ ග්රෑම් 350 දක්වා වෙනස් කිරීම සිදු කළ හැකිය
![](https://doa.gov.lk/wp-content/plugins/elementor/assets/images/placeholder.png)
ජලය මතට බීජ වැපිරීම
මෙය මෑතකදී හඳුන්වා දුන් භෝග සංස්ථාපන ක්රමයකි.
සිදුකරනු ලබන ආකාරය
- දින 48 ජලයේ පොඟවන ලද සහ පැය 24 යහන කරන ලද බීජ වතුර බැඳ ඇති ක්ෂේත්රයක වපුරනු ලැබේ.
- තෙත් බීජ වැපිරීමේදී මෙන් නොව, මෙහිදී පෝරුගෑ ක්ෂේත්රයක වතුර බැඳ, ඒ මතට බීජ වැපිරීම සිදු කරයි.
- මෙම බීජ ඉතා සියුම් මඩ තට්ටු සමග පස මත තැන්පත් වීමට හරිනු ලැබේ.
- බීජ ස්ථාපනයෙන් දිනකට පසු අතිරේක ජලය ක්ෂේත්රයෙන් ඉවත් කිරීම සිදු කරනු ලැබේ.
ලැබෙන වාසි
- වපුරන ලද බීජ කුරුල්ලන්ගෙන් ආරක්ෂා වීම.
- ගැඹුරු මුල් පද්ධතියක් ඇති වන බැවින් ගස් කඩා වැටීමෙන් වැළකේ.