RRDI_CropEstablishment_LandPreparation_WetBed_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

මඩ තවාන් ක්‍රමය

තවාන

තවාන සාදන ස්ථානය

  • වගාව සිදු කිරීමට බලා පොරොත්තුවන ක්ෂේත්‍රයෙහිම කොටසක සකස් කළ හැක.
  • වගාව සිදු කිරීමට බලා පොරොත්තු වන මුළු වගා වපසරියෙන් 10% පමණ ප්‍රදේශයක් තවාන ලෙස සකස් කර ගැනීම සුදුසුය.
  • තවාන සාදන ස්ථානය සෙවන නොමැති හිරු එළියට නිරාවරිත ස්ථානයක් විය යුතුය.

තවාන සකස් කිරීම

  • පස හොඳින් පෝරුගා, මට්ටම් කර ගනු ලබයි.
  • ජලය බැසයාමට හැකි පරිදි තවන් අතර නොහැඹුරු කාණු සකස් කළ යුතුය.
  • දිරාපත් කාබනික පොහොර සහ අකාබනික පොහොර (මූලික) පසට එකතු කරනු ලබයි.
  • එමඟින් බීජ පැළ පහසුවෙන් ගලවා ගැනීම පහසු කරන අතර බීජ පැළ වල දිරිමත් බව තහවුරු වේ.

තවාන පවත්වාගෙන යාම

  • තවාන දින 5ක් පමණ තෙත් තත්වයේ පවත්වා ගත යුතුය (පාංශු ජළ ධාරිතා මට්ටමෙහි).
  • වල් පැළ, රෝග සහ පළිබෝධ වලින් තොරව පවත්වා ගත යුතුය.
  • පෝෂක ඌණතාවයන්ගෙන් තොරව පවත්වා ගැනීමට වග බලා ගත යුතුය.

බීජ වී

අවශ්‍යතාවය

බීජ සකස් කිරීම

  • පැය 24ක් පිරිසිදු දියෙහි පොඟවා ගැනීම
  • පැය 48ක් යහන් කර ගැනීමෙන් මුල් අද්දවා ගැනීම (උණුසුම්, වියලි ස්ථානයක තබා)

තවාන පිහිටුවීම

  • බීජ වී ඉසීමට පෙර තවානෙන් හොඳින් ජලය ඉවත් කර ගත යුතුය.
  • මුල් අද්දවාගත් බීජ ඒකාකාරී ලෙස තවාන පුරා ඉසිය යුතුය.
  • බීජ පැළ පසෙහි ස්ථාවර වූ පසුව තවානට ජලය ලබා දීම සිදු කළ යුතුය.
  • ඉන්පසුව ක්‍රමාණුකූලව ජල මට්ටම ඉහළ නැංවිය යුතුය.

බීජ පැල දින 12-21 වයස් වන තෙක් තවානෙහි තබා ගත හැකිය (වී වර්ගය සහ එහි වයස් කාණ්ඩය අනුව).

මඩ තවාන් මඟින් වේගවත් බීජ පැල වර්ධනයක් ලබා ගත හැකිවාක් මෙන්ම බීජ පැළ තවානෙන් ගැලවීමද පහසු කරයි.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.