RRDI_CropEstablishment_LandPreparation_Sowing_Transplanting_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

පැල සිටවීම

පැල සිටුවීමේ ක්‍රමවේදය කුමක්ද?

  • බීජ පැල වැපිරීමේදී මෙන්ම පැල කිරීම සඳහා බීජ පැල භාවිතා කරයි.
  • බීජ තවානක ඉන්දවා දින 12 -14 පසු තවානෙන් ඉවත්කර ක්ෂේත්‍රයේ සිටුවීම සිදුකරනු ලැබේ.
  • බීජ පැල වැපිරීමේදී මෙන් නොව මෙහිදි තවානෙන් පැල ඉදිරීම සිදු කරන බැවින් පැල වල මූල පද්ධතියට හානි සිදු වේ.
    • මේ නිසා බීජ පැල සිටවූ වහාම ක්ෂේත්‍රයේ ස්ථාපනය වීම සිදු නොවීමත්, වර්ධනයෙහි යම් බාල වීමක් සිදුවීමත් අපේක්ෂා කළ හැක (Transplanting shock)
  • බීජ පැල ක්ෂේත්‍රයේ සිටුවීම මිනිස් ශ්‍රමය භාවිතයෙන් මෙන්ම පැල සිටුවීමේ යන්ත්‍ර භාවිතයෙන් සිදු කරගත හැක. 
  • එක් ස්ථානයක පැළ එකක් හෝ කිහිපයක් පේලි වශයෙන් සිටුවිය හැකිය. අහඹු ලෙස පැල සිටුවීමද කළ හැකි නමුත් වගාව කළමනාකරණයේදී අපහසුතා ඇතිවිය හැක.
  • ක්ෂෙත්‍රය තුල පැල ගණත්වය මෙම ක්‍රමයේදී පහසුවෙන් කළමනාකරණය කළ හැක.
  • දීර්ඝ වයස් කාණ්ඩ ප්‍රබේධ සඳහා මෙම ක්‍රමය යටතේ වැඩි ඵලදාවක් ලබාදෙන බව වාර්තා වන නමුත්, ශ්‍රමය හා අනෙකුත් සම්පත්වල හිඟතාවය නිසා මාස 4 – 4 1/2 ප්‍රභේද වගා කරන ප්‍රමාණය අඩු වීමෙන් හේතු කරගෙන මෙම ක්‍රමය භාවිතයෙන් ක්‍රමයෙන්  අඩු වෙමින් පවතී.

බීජපැල වල දිරිය

  • මුල් වලට හානි සිදුවීම නිසා පැලවල තත්ත්වය බාල වීම සිදුවිය හැකිය.
  • පැළවලට සිදුවන හානියක් මට්ටම පැළයේ වයස අනුව වෙනස් වේ
  • ප්‍රභේදයේ වයස් කාණ්ඩය පිළිඹඳවද සැළකිළිමත් විය යුතුය

පැළයේ වයස

  • කුඩා පැළ මෘදු පටක සහිත වන බැවින් හානිය වැඩිය.
  • එහෙත් ඒවා වැඩුණු පටක වලට සාපේක්ෂව ඉක්මනින් පිළිසකර වන බැවින් වැඩි වයස් කාණ්ඩයේ ප්‍රභේද (මාස 4-4 1/2) සඳහා මෙම පටක පිළිසකර  වීමට අවශ්‍ය තරම් කාලය ලබා දෙයි.
  • මෙම කරුණු අනුව බීජ පැල ඉඳ වීම වඩාත් නිර්දේශ කරනු ලබන්නේ වැඩි වයස් කාණ්ඩ ප්‍රභේද සඳහා පමණි.

වයස් කාණ්ඩය

  • නිර්දේශිත වයසේදී (දින 12-14) බීජ පැළ සිටුවීම කළ යුතුයි. නමුත් ප්‍රබේධයේ වයස් කාණ්ඩය අනුව මෙම කාළ සීමාව වෙනස් කළ හැකිය.
    • මාස 4-4 1/2  වයස් කාණ්ඩයේ ප්‍රභේද – දින 21 ක් දක්වා 
    • මාස 2 1/2 -3  කාණ්ඩයේ ප්‍රභේද – දින 12-14
    • බීජ පැළ සකස් කරන ලද්දේ ඩපොග් තවානක නම් – කිසිවිටකත් දින 14 ඉක්ම නොවිය යුතුය

පැල සිටුවන ගැඹුර සහ පරතරය

  • අපේක්ෂිත උපරිම පඳුරු ප්‍රමාණය ලබා ගැනීම සඳහා  සෙන්ටි මීටර් 2-3 කට වඩා ගැඹුර නොවෙන පරිදි පැළ සිටුවීම සිදු කළ යුතුයි.

  • සෙ.මී. 4-5 ඉක්මවා ගැඹුරට පැළ සිටුවීම සිදු වුවහොත්
    • පැළයේ අපේක්ෂිත උපරිම පඳුරු ප්‍රමාණය ලබාගත නොහැකිය.
  • දිරිමත් පැල 2-3ක් එක් ස්ථානයක සිටුවිය හැක
  • පැළ අතර පරතරය ශාකයෙ වයස් කාණ්ඩය මත තීරණය කළ යුතුයි.

වයස් කාණ්ඩය

නිර්දේශිත පරතරය

පේලි වශයෙන් පැළ සිටවීම

අහඹු ලෙස පැළ සිටවීම

මාස 4-4 1/2

20 x 15 cm2

පැළ 30-35 /m2

මාස 3-3 ½ 

15×15 cm2

පැළ 35-40 /m2 

මාස 2½ 

15×15 cm2

 

 

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.