RRDI_CropEstablishment_LandPreparation_PrimaryTillage_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම

ප්‍රාථමික බිම් සකස් කිරීම

ප්‍රාථමික බිම් සැකැස්ම සිදු කළ යුත්තේ ඇයි?

  • ශාකයේ මුල් වර්ධනය වියහැකි පාංශු ගැඹුර වැඩි කරයි.
  • වල් පැළෑටි සහ ඉතිරි වී ඇති භෝග ශේෂ පසට මිශ්‍ර වන බැවින් පසේ කාබනික පොහොර ප්‍රමාණය වැඩි කරයි ධාරිතාවය සිට 25% – 50% දක්වා අඩුවිය හැකිය.

පළමු බිම් සැකැස්ම සිදු කළ යුතු අවධිය කුමක්ද?

  • පසේ ඇති තෙතමනය මත තීරණය කරනු ලැබේ.
  • සී සාන අවස්ථාවේ පස පහසුවෙන් කුට්ට්ටි වලට කඩෙන අවස්ථාව මේ සඳහා වඩාත් සුදුසු වේ.
  • දෙවන සී සෑමට දින 10- 14 පෙර පළමු සී සෑම  සිදුකලයුතුය.

පළමු බිම් සැකැස්මේදී අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත් මොනවාද?

  • රෝද 4 හෝ 2 ට්‍රැක්ටරයට සවි කළ මොල්බෝඩ් නගුල වඩාත් ගැඹුරු සී සෑම් සඳහා භාවිත කරනු ලැබේ
  • මධ්‍යම ප්‍රමාණයේ සී සෑම සඳහා සතුන් භාවිතයෙන් හෝ මිනිස් ශ්‍රමය මඟින්, තැටි නගුල හෝ සම්ප්‍රදායික නගුල භාවිතයෙන් සිදුකරනු ලැබේ.
  • සී සෑම සඳහා නිර්දේශිත ගැඹුර සෙන්ටි මීටර 20 වේ.
  • පස් කුට්ටි වල උසින් අඩක් පමණ වන සේ ජලය සැපයිය යුතුය.
  • සී සෑමෙන් පසු කොළ පොහොර පසට එක් කළ යුතුය.
  • නියර සහ අවට වල් පැලෑටි ඉවත් කර ඒවාද ක්ෂේත්‍රය තුල පසට මිශ්‍ර කළ හැකිය.

පළමු බිම් සැකැස්මේදි සැළකිය යුතු විශේෂිත කරුණු මොනවාද?

  • එකම ක්ෂේත්‍රය දිගින් දිගට ඉතා දිගු කළක් වගා කිරීමෙන් සහ බිම් සැකැස්ම සඳහා නිවැරදි උපකරණ භාවිතා නොකිරීම නිසා වැලි සහිත දුර්වල පාංශු තත්ව ඇති විය හැක.
  • සී සෑමෙන් පසු භෝග ස්ථාපනය පමාවන්නේ නම් පස් තද වීම වලක්වා ගැනීමට සී සෑම නැවත නැවත සිදුකල යුතුය.
  • ඇටවරා, කලාඳුරු වැනි බහුවාර්ෂික වල් පැළෑටි පාලනය සඳහා නිර්දේශිත ගැඹුරින් සී සෑම අත්‍යවශ්‍ය වේ.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.