RRDI_CropEstablishment_LandPreparation_Dapog_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම

ඩැපෝග් ක්‍රමය

තවාන

තවාන සාදන ස්ථානය

  • සමතල බිමක් විය යුතුය.
  • වගාව සිදු කිරීමට බලා පොරොත්තු වන මුළු වගා වපසරියෙන් 1/20 පමණ ප්‍රදේශයක් තවාන ලෙස සකස් කර ගැනීම සුදුසුය.

තවාන සකස් කිරීම

  • තවාන කුඹුරේම සකස් කරන්නේ නම් සෙන්ටිමීටර් 4-5 පමණ බිම උස්ව සකසා, ඒ මත තවාන සැකසිය යුතුය.
  • මුල් විනිවිද නොයා හැකි ද්‍රව්‍යකින් තැනූ ආවරණයක් මත රොපන මාධ්‍ය අතුරා පාත්ති සකස් කරගනු ලැබේ
    • කෙසෙල් කොළ (මධ්‍ය නාරටිය ඉවත් කොට )
    • පොලිතීන් හෝ එවැනි වෙනත් අතුරන
    • සිමෙන්ති බිමක්
  • ඒ මත සෙන්ටිමීටර 1 ඝනකමට කොම්පෝස්ට් තෝ බාගෙට පිළිස්සූ දහයියා ඒකාකාරී ලෙස ඇතිරීම.
  • පාත්ති මදක් උස්ව සකස් කර මට්ටම් කරගත යුතුය (ජලවහනය හොඳින් සිදුවන ලෙස)

තවාන පවත්වාගෙන යාම

  • ඒකාකාරී වර්ධනයක් ලබා ගැනීමට දිනකට දෙවරක් (උදේ සහ සවස) පාත්ති මත ජලය විසුරුවා, අතින් හෝ පැතලි ලී පුවරුවක් භාවිතයෙන් බීජ තට්ටුව මදක් තද කිරීම කළ හැකිය (දින 3-4ක් පමණ වනතුරු)
  • වැඩිවශයෙන් ජලය ලබා නොදිය යුතුය
  • වල් පැළ, රෝග සහ පළිබෝධ වලින් තොරව පවත්වා ගත යුතුය.
  • පෝෂක ඌණතාවයන්ගෙන් තොරව පවත්වා ගැනීමට වග බලා ගත යුතුය.

බීජ වී

අවශ්‍යතාවය

  • හෙක්ටයාරයකට කිලෝ 125ක් පමණ

බීජ සකස් කිරීම

  • පැය 48ක් පිරිසිදු දියෙහි පොඟවා ගැනීමෙන්පසු පැය 24ක් යහන් කර ගැනීම 

තවාන පිහිටුවීම

  • අඟල් 1/4ක පමන කොම්පෝස්ට් හෝ කර දහයියා තට්ටුවක් මත බීජ අකාකාරීව විසුරුවා හරිනු ලැබේ.
    • බීජ 1-2 ක උසින්/ ගණකමින් යුතු
    • වර්ග මීටරයට බීජ ග්‍රෑම් 700-1000 පමණ වන ලෙස
  • බීජ පැළවීමෙන් දින 14-21 දී පැල ක්ෂේත්‍රයේ සිටුවීම කළ හැකිය.
    • බීජ පැළ කුඩා බැවින් තවානෙන් ගැලවීමේදී පැළ එකිනෙකින් ව්න් කර ගැනීම මදක් අපහසුය
    • නමුත් මෙම බීජ පැල වල මුල් වලට වන හානිය අවම බැවින් (තවානෙන් ගැලවීමදී) පැල වලට වන හානිය (transplanting shock) අවමය.
    • යාන්ත්‍රිකව පැල සිටුවීම සඳහා මෙම තවාන් භාවිතා කරන විට තවානෙහි ප්‍රමාණය සිටුවීමේ යන්ත්‍රයේ ප්‍රමාණය සමඟ සැසඳිය යුතුය (මීටර 1.2)

Premium Banner

මෙම ක්‍රමය වඩාත් උචිත වන්නේ අඩු වයස් කාණ්ඩයේ වී ප්‍රබේධ සඳහාය. කෙසේ නමුත් බීජ පැල ඉතා කුඩා නිසා පැල සිටුවීමට පෙර ක්ෂේත්‍රය හොඳින් මට්ටම් කර ජලය කපා හැර තැබිය යුතුය.

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.