NAICC- Services – 1920 Call Center – si

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

1920 කෘෂිකර්ම උපදේශන සේවය
(1920 Ag AS)

1920 කෙටි දුරකථන අංකය ශ්‍රී ලංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂි ගැටළු සඳහා නොමිලයේ උපදෙස් ලබාගත හැකි දුරකථන සේවාවකි. 2006 වසරේ “ගොවිසහණ සරණ” නමින් ආරම්භ වූ මෙම උපදේශන සේවය සති අන්තය ද ඇතුළුව දිනපතා පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා වූ කාර්යාලීය වේලාවන් තුලදී සේවය සපයනු ලබයි.
සියළුම කෘෂි ආහාර බෝග, සුළු අපනයන බෝග, පොල් වගාව පිළිබඳ මෙන්ම අනෙකුත් කෘෂි ගැටළු සඳහා ද උපදෙස් 1920 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි අතර ක්‍ෂේත්‍රයේ අත්දැකීම්ලත් තාක්‍ෂණික නිලධාරීන් විසින් උපදේශන සේවාව සපයනු ලබයි. සංකීර්ණ තාක්‍ෂණික ගැටළු සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරීන්ගේ සහායද නොමිලයේ ලබාගත හැකි මෙම දුරකථන සේවයෙන් උපදෙස් ලබාදීමේ දී නව තොරතුරු තාක්‍ෂණ ක්‍රමවේද ද කාර්යක්ෂම භාවිතාකරමින් උසස් සේවාවක් සපයනු ලබයි.

1920 කෘෂිකර්ම උපදේශන සේවයේ සේවාවන්

විද්යුත් තැපෑල

1920.doa@gmail.com
1920servise@doa.gov.lk

E - කෙටි පණිවුඩ සේවය

  • කෘෂි SMS
  • කෘෂි කෙටි පණිවුඩ සේවාව ( 0712011920 ) ලියාපදිංචි පරිශීලකයින් සඳහා තෝරාගත් ආහාර බෝග 10 ක් සඳහා ( වී, බඩ ඉරිඟු, මිරිස්, ලොකු ළූණු, කෙසෙල්, පැපොල්, අර්තාපල්, තක්කාලි වම්බටු සහ ලුෆා ) කෙටි පණිවිඩ / ඇඟවීම් බෙදා හැරේ. ). මෙම කෙටි පණිවුඩ සේවාව ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සපයයි.

  • කෘෂි කාලගුණ තොරතුරු
  • භෝග නිෂ්පාදනයට බලපෑම් ඇති කළ හැකි කාලගුණික වෙනස්වීම් පිළිබඳ තොරතුරු ඔබගේ ජංගම දුරකථනයෙන් ලබාගත හැක. SMS සේවය සඳහා ලියාපදිංචි වීමට ❮WRG❯ ❮ space ❯ ❮T/S❯ ❮ space ❯ ❮NAME❯ ❮ space ❯ ❮ඔබ අයත් කලාප අංකය❯ 1920 SMS කරන්න.


    ලියාපදිංචි වන්න

    "කෘෂි උපදේශක" ජංගම යෙදුම

    "කෘෂි උපදේශක" ජංගම යෙදුම යනු ශ්‍රී ලංකාවේ ආහාර බෝග වගාව සඳහා කෘෂිකාර්මික උපදේශන සේවා සපයන ඇන්ඩ්‍රොයිඩ් ජංගම යෙදුමකි.එය අන්තර්ජාල පහසුකම් නොමැතිව ද භාවිතා කළ හැකි ජංගම යෙදුමකි.

    E - කෙටි පණිවුඩ සේවය

  • කෘෂි SMS
  • කෘෂි කෙටි පණිවුඩ සේවාව ( 0712011920 ) ලියාපදිංචි පරිශීලකයින් සඳහා තෝරාගත් ආහාර බෝග 10 ක් සඳහා ( වී, බඩ ඉරිඟු, මිරිස්, ලොකු ළූණු, කෙසෙල්, පැපොල්, අර්තාපල්, තක්කාලි වම්බටු සහ ලුෆා ) කෙටි පණිවිඩ / ඇඟවීම් බෙදා හැරේ. ). මෙම කෙටි පණිවුඩ සේවාව ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සපයයි.

  • කෘෂි කාලගුණ තොරතුරු
  • භෝග නිෂ්පාදනයට බලපෑම් ඇති කළ හැකි කාලගුණික වෙනස්වීම් පිළිබඳ තොරතුරු ඔබගේ ජංගම දුරකථනයෙන් ලබාගත හැක. SMS සේවය සඳහා ලියාපදිංචි වීමට ❮WRG❯ ❮ space ❯ ❮T/S❯ ❮ space ❯ ❮NAME❯ ❮ space ❯ ❮ඔබ අයත් කලාප අංකය❯ 1920 SMS කරන්න.


    ලියාපදිංචි වන්න

    "කෘෂි උපදේශක (Krushi Advisor)" ජංගම යෙදුම

    "කෘෂි උපදේශක (Krushi Advisor)" ජංගම යෙදුම යනු ශ්‍රී ලංකාවේ ආහාර බෝග වගාව සඳහා කෘෂිකාර්මික උපදේශන සේවා සපයන ඇන්ඩ්‍රොයිඩ් ජංගම යෙදුමකි.එය අන්තර්ජාල පහසුකම් නොමැතිව ද භාවිතා කළ හැකි ජංගම යෙදුමකි.

    විශේෂ පණිවිඩ

    1920 කෘෂිකර්ම උපදේශන සේවයේ ප්‍රධානී

    ටී.ඒ.කමිස් මයා

    නියෝජ්‍ය අධ්‍යක්ෂ (1920 කෘෂිකර්ම තොරතුරු සහ උපදේශණ සේවය)