NAICC – CENTRAL AGRICULTURE LIBRARY – si

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

කෘෂිකර්ම මධ්‍යම පුස්තකාලය

මෙහෙවර

පුස්තකාල ප්‍රකාශන සංරක්ෂණය කිරීම තුළින් කෘෂිකාර්මික දැනුම සහිත සමාජයක් ඇති කිරීම. කාර්යක්ෂම  පුස්තකාල සේවාවක් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගැනීම  

පොදු මාර්ගෝපදේශය
  • මෙම පුස්තකාලය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට භාවිතා කළ හැකිය.
  • පොත් ලබා ගැනීමේ පහසුකම් සඳහා හිමිකම් ඇති නිළධාරියා අදාළ ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශය ඇතිව අදාල අයදුම්පත ඉදිරිපත් කල යුතුය.
  • පුස්තකාලය භාවිතා කරන නිලධාරීන් ඔවුන්ගේ ජාතික හැදුනුම්පත හෝ දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ඉදිරිපත් කල යුතුය.
  • තම බඩු බාහිරාදිය කවුන්ටරයේ තබාගෙන ඔවුන්ගේ නම් සහ වෙනත් තොරතුරු ලේඛනයේ ඇතුලත් කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
  • එක් පාඨකයෙකුට දින 30 ක කාලයක් සඳහා පොත් තුනක් නිකුත් කෙරේ.ණයට ගත් පොත් ආපසු ලබාදෙන තුරු වැඩි දුර පොත් නිකුත් නොකෙරේ.
  • නියමිත දිනට ආපසු ලබා නොදෙන පොත් සඳහා දිනකට කල් ඉකුත් වු පොතකට රු 5/= ක දඩ මුදලක් ගෙවිය යුතු අතර මාසයක් ගත වූ පසු කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරල් වෙත දැනුම් දෙනු ලැබේ.
  • පසුව කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණේ නම් පොත් වර්තමාන මිල සහ දෙපාර්තමේන්තුවේ බද්දක් ලෙස 25%ක් නිලධාරියාගේ වැටුපෙන් අඩු කරනු ලැබේ.
කෘෂිකර්ම මධ්‍යම පුස්තකාලයේ ඉතිහාසය
ඉතිහාසය

ගන්නෝරුවේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පුස්තකාලය එම ක්ෂේත්‍රයේ පැරණිම පුස්තකාලය ලෙස සැලකේ. 1810 වර්ෂයේ දී කොම්පඤ්ඤ වීදියේ කිවි ගාර්ඩ්න්ස් හිදි උද්භිද විද්‍යා උද්‍යානය ආරම්භ කරන ලදි. කෘෂිකර්ම දෙපාර්තමේන්වේ මධ්‍යම පුස්තකාලයද එම ස්ථානයේම ස්ථාපනය කරන ලදි. මෙම පුස්තකාලයට ලැබුණු ප්‍රථම පරිත්‍යාගයක් නම් නිවර්තන කලාපීය වෘක්ෂලතාදීන් පිලිබද පොත් පත් සමුහයයි. ඇලෙක්සැන්ඩර් මූන් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා එහි ප්‍රථම පුස්තකාලයාධිපතිවරයා වු අතර ඔහුගේ සේවා කාලයේදී පොත්පත් විශාල සංඛ්‍යාවක් අත්පත් කර ගැනීමෙන් පුස්තකාල ග්‍රන්ථ එකතුව වර්ධනය විය.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙක් පුස්තකාල වන තේ, රබර්, පොල් පර්යේෂණ පුස්තකාලද කන්තලේ සීනි සංස්ථාව ඇතුළු තවත් පුස්තකාල බොහොමයක් ද මෙම පුස්තකාලයේ සහයෝගිතා වැඩ පිළිවෙල හේතු කොටගෙන වර්ධනය විය.

මුද්‍රිත එකතුව
බැහැර දෙන එකතුව 8186
කෙටිකාලීන විමර්ශන එකතුව 1402
ස්ථීර විමර්ශන එකතුව 581
දෙපාර්තමේන්තු ප්‍රකාශන එකතුව 770
විදේශීය එකතුව 3477
දුර්ලභ ග්‍රන්ථ එකතුව 599
සිතියම් පොත් හා සිතියම් එකතුව 150
පරිපාලන වාර්තා
ගැසට් එකතුව
නිබන්ධන එකතුව 115
සඟරා එකතුව 50000
විශේෂ එකතුව

පුස්තකාල ප්‍රකාශන සංරක්ෂණය කිරීම තුළින් කෘෂිකාර්මික දැනුම සහිත සමාජයක් ඇති කිරීම, කාර්යක්ෂම  පුස්තකාල සේවාවක් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කර ගැනීම   සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වීඩියෝ වෙත පහසුවෙන් ප්‍රවේශ වීම.

පොදු මාර්ගෝපදේශය
  • මෙම පුස්තකාලය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට භාවිතා කළ හැකිය.
  • පොත් ලබා ගැනීමේ පහසුකම් සඳහා හිමිකම් ඇති නිළධාරියා අදාළ ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශය ඇතිව අදාල අයදුම්පත ඉදිරිපත් කල යුතුය.
  • පුස්තකාලය භාවිතා කරන නිලධාරීන් ඔවුන්ගේ ජාතික හැදුනුම්පත හෝ දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ඉදිරිපත් කල යුතුය.
  • තම බඩු බාහිරාදිය කවුන්ටරයේ තබාගෙන ඔවුන්ගේ නම් සහ වෙනත් තොරතුරු ලේඛනයේ ඇතුලත් කරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
  • එක් පාඨකයෙකුට දින 30 ක කාලයක් සඳහා පොත් තුනක් නිකුත් කෙරේ.ණයට ගත් පොත් ආපසු ලබාදෙන තුරු වැඩි දුර පොත් නිකුත් නොකෙරේ.
  • නියමිත දිනට ආපසු ලබා නොදෙන පොත් සඳහා දිනකට කල් ඉකුත් වු පොතකට රු 5/= ක දඩ මුදලක් ගෙවිය යුතු අතර මාසයක් ගත වූ පසු කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරල් වෙත දැනුම් දෙනු ලැබේ.
  • පසුව කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණේ නම් පොත් වර්තමාන මිල සහ දෙපාර්තමේන්තුවේ බද්දක් ලෙස 25%ක් නිලධාරියාගේ වැටුපෙන් අඩු කරනු ලැබේ.
කෘෂිකර්ම මධ්‍යම පුස්තකාලයේ ඉතිහාසය
ඉතිහාසය

ගන්නෝරුවේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පුස්තකාලය එම ක්ෂේත්‍රයේ පැරණිම පුස්තකාලය ලෙස සැලකේ. 1810 වර්ෂයේ දී කොම්පඤ්ඤ වීදියේ කිවි ගාර්ඩ්න්ස් හිදි උද්භිද විද්‍යා උද්‍යානය ආරම්භ කරන ලදි. කෘෂිකර්ම දෙපාර්තමේන්වේ මධ්‍යම පුස්තකාලයද එම ස්ථානයේම ස්ථාපනය කරන ලදි. මෙම පුස්තකාලයට ලැබුණු ප්‍රථම පරිත්‍යාගයක් නම් නිවර්තන කලාපීය වෘක්ෂලතාදීන් පිලිබද පොත් පත් සමුහයයි. ඇලෙක්සැන්ඩර් මූන් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා එහි ප්‍රථම පුස්තකාලයාධිපතිවරයා වු අතර ඔහුගේ සේවා කාලයේදී පොත්පත් විශාල සංඛ්‍යාවක් අත්පත් කර ගැනීමෙන් පුස්තකාල ග්‍රන්ථ එකතුව වර්ධනය විය.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙක් පුස්තකාල වන තේ, රබර්, පොල් පර්යේෂණ පුස්තකාලද කන්තලේ සීනි සංස්ථාව ඇතුළු තවත් පුස්තකාල බොහොමයක් ද මෙම පුස්තකාලයේ සහයෝගිතා වැඩ පිළිවෙල හේතු කොටගෙන වර්ධනය විය.

මුද්‍රිත එකතුව
බැහැර දෙන එකතුව 8186
කෙටිකාලීන විමර්ශන එකතුව 1402
ස්ථීර විමර්ශන එකතුව 581
දෙපාර්තමේන්තු ප්‍රකාශන එකතුව 770
විදේශීය එකතුව 3477
දුර්ලභ ග්‍රන්ථ එකතුව 599
සිතියම් පොත් හා සිතියම් එකතුව 150
පරිපාලන වාර්තා
ගැසට් එකතුව
නිබන්ධන එකතුව 115
සඟරා එකතුව 50000
විශේෂ එකතුව

bg

අරමුණු

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන ඩිජිටල්කරණය කිරීම තුළින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් තොරතුරු කළමනාකරණයෙන්   කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුස්තකාලය ශක්තිමත් කිරීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ පවතින මධ්‍යම කෘෂිකාර්මික පුස්තකාලය සියළුම වැදගත් කෘෂිකාර්මික තාක්‍ෂණ තොරතුරු වල ප්‍රධාන ගබඩාව ලෙස වැඩිදියුණු කිරීම.
  • කෘෂිකර්මාන්තයේ පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා රේඛීය තොරතුරු පද්ධති ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම.
  • කෘෂිකර්ම තොරතුරු රැස් කිරීම, සැකසීම සහ බෙදා ගැනීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා (ලේඛන, සංඛ්‍යාන දත්ත, විද්‍යුත් රූප, වීඩියෝ, ආදිය)
  • ඓතිහාසික වශයෙන් වැදගත් මුද්‍රිත ද්‍රව්‍ය සියල්ලම සංරක්ෂණය කිරීම සහතික කිරීම.මාර්ගගත කරන ලද වීඩියෝ පුස්තකාලය‌ේ වීඩියෝ වැඩසටහන් මගින් ගොවීන්ට ඉක්මන් හා අදාළ කෘෂිකාර්මික තාක්ෂණයන් හා තොරතුරු බෙදා හැරීම සහතික කිරීම.
  • දේශීය හා විදේශීය කෘශි විඥපන එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම
bg

භෞතික පුස්තකාලය

  • ප්‍රකාශන 75,000 ක් පෙළ පොත් 10,900 කින්, තවත් පොත් 10,000 කින් සමන්විතය.
  • සඟරා මාතෘකා 800 කට වැඩි ප්‍රමාණයක් යටතේ සඟරා 40,000 කට අධික ප්‍රමාණයක් නිකුත් කරයි.
  • කෘෂි විද්‍යාව, ජාන විද්‍යාව හා ශාක අභිජනනය, පාංශු හා ශාක පෝෂණය, ශාක ව්‍යාධි විද්‍යාව, කීට විද්‍යාව, ශාක පටක රෝපණය හා සෛල සංස්කෘතිය, පසු අස්වනු තාක්ෂණය, කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව සහ ක්ෂුද්‍රජීව විද්‍යාව.

ඩිජිටල් පුස්තකාලය

  • මෙම ඩිජිටල් පුස්තකාලය මගින් පරිශීලකයන්ට ප්‍රයෝජනවත් තොරතුරු ලබා ගැනීමේ හැකියාව, ප්‍රවේශය සහ බෙදා හැරීමේ වේගය වැඩි දියුණු කිරීම මගින් සේවාවන් සපයනු ඇත.
  • මෙමඟින් පරිශීලකයන්ට අවශ්‍ය විටෙක ඕනෑම තැනකදී විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා ගැනීමට , බහුමාධ්‍ය අන්තර්ගතයන් සමඟ පෙළ, පරිශීලක-හිතකාමී අතුරුමුහුණත, උසස් සෙවීම් සහ නැවත ලබා ගැනීම සහ වෙනත් ඩිජිටල් පුස්තකාල සමඟ ඒකාබද්ධ වීම සඳහා පහසුකම් සපයයි.
bg

සේවා

  1. වරණීය විඥාපන පරිවපනය(SDI)
  2. තොරතුරු සමුද්ධරණය
  3. නිර්දේශිය සේවා
  4. සාහිත්‍ය ගවේෂණ සේවා
  5. ප්‍රවර්තන සම්ප්‍රජානන සේවා
  6. ඡායා පිටපත් සේවය
  7. අන්තර් පුස්තකාල පිරුළු සේවා
  8. පුස්තකාල පුහුණුවීම් ලබා දීම
  9. කියවීමේ පහසුකම්
  10. මාර්ගගත සේවා doa.nsf.ac.lk
  11. පොත් බැදුම් අංශය

කෘෂිකර්ම මධ්‍යම පුස්තකාල ප්‍රධානී

අයි.එස්.එම්. හලීම්ඩීන් මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන - මුලස්ථානය)

එන්.ඒ.එම්. ගූණවර්ධන මිය
කෘෂිකර්ම උපදේශක
ඩී.ආර්.ජී. දමයන්ති මිය
පුස්තකාලයාධිපති
ඩබ්ලිව්. එම්. එම්. සී. බී. අතපත්තු මහතා
සංවර්ධන නිලධාරී

අප අමතන්න