AGRICULTURE PUBLICATION UNIT – si

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

කෘෂිකර්ම ප්‍රකාශන ඒකකය

කෘෂිකාර්මික ප්‍රකාශන ඒකකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජනමාධ්‍ය ඒකකයකි. කෘෂිකාර්මික ප්‍රකාශන නියමිත වේලාවට ප්‍රකාශයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා මෙම ඒකකය 1981 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේහි අධ්‍යාපන හා පුහුණු අංශය යටතේ පිහිටුවන ලදී.

මෙහෙවර

දැක්ම‍

කෘෂි තාක්ෂණ ප්‍රකාශන තුළින් ජාතික කෘෂිකාර්මික විශිෂ්ටත්වය සාක්ෂාත් කරගැනීම.

මෙහෙවර

ගොවීන් ප්‍රමුඛ සේවාලාභීන්ගේ දැනුම සහ හැකියාවන් වර්ධනයට ඉවහල් වන තාක්ෂණ කෘෂි ප්‍රකාශන නිෂ්පාදනය කිරීම සහ නියමිත අවස්ථාවේදී අදාළ පාර්ශවකරුවන් වෙත ඒවා ලබාදීමට කටයුතු කිරීම. 

උප ඒකක

කෘෂිකර්ම ප්‍රකාශන ඒකකය

කෘෂිකාර්මික ප්‍රකාශන ඒකකය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජනමාධ්‍ය ඒකකයකි. කෘෂිකාර්මික ප්‍රකාශන නියමිත වේලාවට ප්‍රකාශයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා මෙම ඒකකය 1981 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධ්‍යාපන හා පුහුණු අංශය යටතේ පිහිටුවන ලදී.

අරමුණු

කෘෂිකර්ම ව්‍යාප්ති හා සන්නිවේදන කටයුතු වඩාත් පහසුවෙන් කිරීම සඳහා මුද්‍රිත ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් වර්තමානයේ ප්‍රකාශන ඒකකය නවීකරණය කර ඇත. මෑත අතීතයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විවිධ උපකරණ ලබා දී ඇත. වර්තමානයේ දී ඩිජිටල් සහ ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍ර වලින් සමන්විතය.

තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ප්‍රකාශන ඒකකයේ පුළුල් පරමාර්ථය වන්නේ සුදුසු කෘෂි තාක්ෂණයන් සහ වෙනත් අදාළ තොරතුරු මුද්‍රිත මාධ්‍ය හරහා අවසාන පරිශීලකයින්ට බෙදා හැරීමයි. මෙම පුළුල් පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා, ක්ෂේත්‍ර ව්‍යාප්ති කටයුතු සඳහා සහාය වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුද්‍රිත ද්‍රව්‍ය ප්‍රකාශයට පත් කිරීම හා බෙදා හැරීම කෘෂිකර්ම ප්‍රකාශන ඒකකය සතු වගකීමකි.


ඒකක

මෙම ඒකකයට ගන්නෝරුවේ කෘෂිකර්ම මුද්‍රණාලය සහ පේරාද‌ෙණියේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය හා අලෙවිසැල ලෙස උප ඒකක දෙකක් ඇත. මෙම ඒකකයේ විෂය පථය යටතේ කෘෂිකර්ම මුද්‍රණාලය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ හි සමස්ත මුද්‍රණ අවශ්‍යතාව සපුරාලන අතර එයට තාක්ෂණික හා තාක්‍ෂණික නොවන ප්‍රකාශන ඇතුළත් වේ. මීට අමතරව, එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුද්‍රණ අවශ්‍යතා ද සපුරාලයි.  බෙදාහැරීමේ මධ්‍යස්ථානය හා අලෙවිසැල විසින් කෘෂි ප්‍රකාශන නොමිලේ නිකුත් කිරීම හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා විසිරී ඇති අලෙවිසැල් සඳහා කෘෂි ප්‍රකාශන බෙදා හැරීමේ වගකීම දරයි. මෙම ඒකකයේ මූලස්ථානය ගන්නෝරුව කෘෂිකර්ම මුද්‍රණාලය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වේ.

සේවාවන්

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  වාර සඟරා ප්‍රකාශයට පත් කිරීම
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීම
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙනත් ආයතන සඳහා  මුද්‍රණ අවශ්‍යතා ඉටු කිරීම
  • කෘෂි ප්‍රකාශන සම්පාදනය කිරීම, සංස්කරණය කිරීම සහ ග්‍රැෆික් නිර්මාණය කිරීම
  • කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුද්‍රණ කටයුතු
  • කෘෂි ප්‍රකාශන බෙදා හැරීම සහ අලෙවිය

කෘෂි ප්‍රකාශන බෙදාහැරීමේ මධ්‍යස්ථානය

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින වෙනත් අලෙවිසැල් වෙත කෘෂි ප්‍රකාශන නිකුත් කිරීම.
  • ප්‍රකාශන අලෙවිය.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම තාක්ෂණික කාර්ය මණ්ඩලයට ගොවිකම් සගරාව සහ කමතොලිල් විලක්කම් (KTV) නොමිලේ නිකුත් කිරීම.
  • බාහිර  ස්ථානවල දී හා ප්‍රදර්ශනවල දී කෘෂි ප්‍රකාශන අලෙවිය සංවිධානය කිරීම.

කෘෂිකර්ම ප්‍රකාශන ඒකක ප්‍රධානී

කෘෂිකර්ම ප්‍රකාශන ඒකකයේ ප්‍රධානී - ගන්නෝරුව
එච්.ජේ.කේ. කීර්තිරත්න

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ


කෘෂිකර්ම ප්‍රකාශන ඒකකය

img

එච්.ජේ.කේ. කීර්තිරත්න මහතා

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

කෘෂිකර්ම ප්‍රකාශන ඒකකය

එච්.ජේ.කේ. කීර්තිරත්න

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

එම්.ඩී සමරකෝන් මහතා
කෘෂිකර්ම උපදේශක
ජේ.ආර්.බී. හේරත්
කෘෂිකර්ම උපදේශක
සී. ජේ. අලහකෝන් මහතා
සංවර්ධන නිලධාරී
ජී.එම්. සමරදිවාකර මහතා
සංවර්ධන නිලධාරී
ආර්.ඩී.ජී.රාජමුනි මිය
සංවර්ධන නිලධාරී
ආර්.එම්.එස්.සී.රත්නායක මහත්මිය
ප්‍රධාන රාජ්‍ය කළමනාකරණ සහකාර
ජී.ඩබ්ලිව්.එන්. සන්තිලතා මහත්මිය
කළමනාකරණ සහකාර
ඩබ්.එම්.ජි.ඩි උදයංගි මිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

කෘෂිකාර්මික ප්‍රකාශන බෙදා හැරීමේ ඒකකය

ඒ.ජි.එස්.ගුණසේකර මහත්මිය
කෘෂිකර්ම උපදේශක
භාර නිලධාරී
Ms. N.W.D.A.D. Kannangara Dip. in Agriculture 0812 388 665
එන්.ඩබ්ලිව්.ඩී. කන්නංගර මෙනවිය
කෘෂිකර්ම ඩිප්ලෝමා
එස්.එම්.සී.එන්. සමරකෝන්
කෘෂිකර්ම උපදේශක

අප අමතන්න