NAICC – AGRO TECHNOLOGY PARK – GANNORUWA – Sinhala

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

කෘෂි තාක්ෂණ උද්‍යානය - ගන්නෝරුව

මෙහෙවර

“පවතින ප්‍රධාන කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවට පහසුකම් සපයමින් කෘෂිකාර්මික ආදර්ශණ වලින් සමන්විත කෘෂි තාක්ෂණ උද්‍යාන පවත්වාගෙන යමින් හා ප්‍රදර්ශන මගින් නව කෘෂිකාර්මික දැනුම මෙන්ම සාම්ප්‍රධායික කෘෂිකාර්මික වටිනාකම් පිලබදව ජනතාව වෙත කාර්යයක්ෂම හා පලදායි ව්‍යාප්ති සේවාවක් ලබාදීම. මෙයට අමතරව කෘෂි සංචාරක කර්මාන්තය සහ බෝග මගින් භූමි අලංකරණය විෂයන් ප්‍රචලිත කිරීම.”

කෘෂි තාක්ෂණ උද්‍යානය, ගන්නෝරුව - ඉතිහාසය
ඉතිහාසය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශය යටතේ 1980දී ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානය නමින් කෘෂිකර්ම තොරතුරු එක්රැස් කිරීම හා බෙදා හැරීම සඳහා ආයතනයක් පිහිටුවන ලදී. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ යෙදීම් මෙම ආයතනය මගින් ආවරණය කරන ලද අතර, 1989 වසරේදී වීඩියෝ අංශය මගින් නිෂ්පාදිත ප්‍රථම රූපවාහිනී වාර්තා වැඩසටහන (ලොකු ළූණු නිෂ්පාදනය) ජාතික රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය කරන ලදි. එතැන් සිට අඛණ්ඩව මෙම ආයතනය මගින් එම වැඩසටහන් මාලාව විකාශනය කෙරින. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානයේ කාර්යක් වූ අතර, 1991 වසරේ ගම්උදාව ප්‍රදර්ශණ භූමියේ හොඳම ප්‍රදර්ශන කුටියට ලැබෙන පළමු ත්‍යාගය හිමි කරගන්නා ලදී. ඉන්පසු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ප්‍රදර්ශන පැවැත්වීමේ වගකීම, ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානය සතු විය.

2004 වර්ෂයේදී ගන්නෝරුව කෘෂිකර්ම සංකීර්ණය, ගන්නෝරුව කෘෂි තාක්‍ෂණ උද්‍යානය ලෙස පරිවර්තනය කරන ලද අතර එය ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානය යටතට පත්කෙරින. 2016 වර්ෂයේදී ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍යස්ථානය, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය (NAICC) ලෙස පරිවර්ථනය කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2016 වසරේ සිට ගන්නෝරුව කෘෂි තාක්‍ෂණික උද්‍යානය වෙනම ඒකකයක් ලෙස ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය යටතේ කෘෂි තාක්ෂණ උද්‍යාණ සහ කෘෂිකර්ම ප්‍රදර්ශන කළමනාකරණය සඳහා වගකීම් දරණ ආයතනය ලෙස ක්‍රියාත්මක වේ.

Agro Park img5

කෙටි හැඳින්වීම

කෘෂි තාක්‍ෂණ උද්‍යානය කෘෂිකර්මාන්තය හා සම්බන්ධ විෂය පථයන් සියල්ලම පාහේ ආවරණය වන පරිදි විවිධ කෘෂිකාර්මික ආදර්ශන බිම් 30 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. මෙහි ආදර්ශ ගෙවත්ත, කෞතුකාගාරය, බිම්මල් ඒකකය, පටක රෝපණ ඒකකය, පළිබෝධ සහ රෝග ඒකක, පැළෑටි නිරෝධායන ඒකකය, කුළුබඩු වත්ත, පාංශු සංරක්ෂණ ඒකකය, ශාකසාර ඒකකය, සාම්ප්‍රදායික හේන් වගාව, අලබෝග එකතුව, තේ වත්ත, වැව සංස්කෘතිය, සෝර්ජන් වගාව නිරූපනය කරයි. වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර බෝග, කොළ එළවළු වගාව, කාබනික වගාව, බෝග වන දර්ශ, එළවළු වගාව, කාළගුණ ඒකකය, මී මැසි පාලන ඒකකය, ක්ෂුද්‍ර ජලසම්පාදනය, ඇතුළු උසස් තාක්‍ෂණික කෘෂිකාර්මික ඒකකය සහ ආරක්ෂිත බෝග වගාව ද හෙළ බොජුන් සාම්ප්‍රදායික ආහාර අලෙවිසැල, බීජ සහ රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනය, අගය එකතු කළ ආහාර අලෙවිසැල් සහ GAP එළවළු සහ පලතුරු අලෙවිසැල් යන අංග ඇතුලත් වේ. උද්‍යානය ඉරිදා සහ අනෙකුත් පොදු නිවාඩු දිනවල හැර අනෙකුත් සතියේ සහ සෙනසුරාදා දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා මහජනතාව සඳහා විවෘතය. ඇතුළත් වීමේ ටිකට් ගාස්තුව පහත පරිදි වේ.

දේශීයප්‍රවේශපත්‍ර ගාස්තුවවිදේශිය ප්‍රවේශපත්‍ර ගාස්තුව
වැඩිහිටිරු: 20.00වැඩිහිටිරු: 200.00
පාසල් ළමුන්රු: 5.00ළමුන් (<අවු. 12)රු: 100.00
ළමුන් (<අවු. 12)රු: 10.00
වගකීම

ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යාන ඒකකය ප‍්‍රධාන වශයෙන් කෘෂිකර්ම තාක්ෂණ උද්‍යානයේ නඩත්තු කටයුතු සහ ප‍්‍රාදේශීය මට්ටමේ ප‍්‍රදර්ශන මගින් කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ නව තාක්ෂණය මෙන්ම උචිත සාම්ප‍්‍රදායික කෘෂි තාක්ෂණය පිළිබඳ ජනතාව තුල දැනුම කුසලතා හා ආකල්ප වැඩිදියුණු කිරීමෙහි ලා වගකීම දරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙන්ම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති ක‍්‍රියාවලිය සඳහා මෙමගින් විශාල පිටුවහලක් ලබා දෙන අතර, කෘෂි සංචාරක කර්මාන්තය සහ ආහාර බෝග මගින් භූමි අලංකරණය යොදා ගැනීම මගින් වඩාත් හොඳ දැනුවත් භාවයක් සලසමින් ප‍්‍රසස්ථ ලාභයක් හා තිරසාර සංවර්ධනයක් ලබාගැනීම තහවුරු කරයි.

bg

අරමුණු

  • කාලීනව වැදගත් වන, අවශ්‍යතාවය අනුව නව කෘෂිකාර්මික තොරතුරු මහජනතාව අතර ව්‍යාප්ත කිරිම.

  • අවශ්‍යතාවය හා ඉල්ලීම් මත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප‍්‍රදර්ශන පැවැත්වීම. 

  • ගෙවතු වගා කටයුතු දිරිමත් කිරීමේ පියවරක් ලෙස බෝග මගින් භූමි අලංකරණය, ප‍්‍රවර්ධනය කිරීම

  • කෘෂිකර්මාන්ත අංශය හා සම්බන්ධ සාම්ප‍්‍රදායික හා දේශීය දැනුම, තාක්ෂණය ආරක්ෂා කිරීම. 

  •  කෘෂි සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම තුලින් සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික අගයන් සුරක්ෂිත කරමින් අමතර ආදායමක් ඉපයිමට මගපෙන්වීම. 

  • කෘෂිකර්ම විද්‍යාල, කාර්මික විද්‍යාල සහ NITA යනාදි ආයතන වලින් යොමුකරන NVQ 4,5 සහ 6 මට්ටමේ සිසුන් සඳහා පුහුණුව ලබාදීම.
bg

සේවාවන්

  • කෘෂි තාක්‍ෂණ උද්‍යානයේ කෘෂි ආදර්ශනය සහ කෘෂි ප්‍රදර්ශනය පැවැත්වීම මගින් කෘෂිකාර්මික ව්‍යාප්තිය.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂ කාර්යයන් සඳහා ස්ථාන සැකසීම
  • ආහාරයට ගත හැකි ශාක යොදා ක්ෂේත්‍ර සැලසුම් කිරීම සඳහා උපදේශනය සැපයීම
  • කෘෂි සංචාරක ව්‍යාපාරය සඳහා උපදේශනය
  • විශේෂ කෘෂිකාර්මික පුහුණු පැවැත්වීම
bg

ක්‍රියාකාරකම්

  • සහල්, වෙනත් ක්ෂේත්‍ර බෝග, එලවළු, ගෙවතු, පාංශු සංරක්‍ෂණය, බිම්මල් වගාව යනාදිය ඇතුලත් විවිධ කෘෂිකාර්මික ආදර්ශන බිම් 30 කට වැඩි ප්‍රමාණයක් කළමනාකරණය කිරීම.
  • ආදර්ශන බිම්වල රැඳී සිටින කෘෂිකර්ම උපදේශකයින් මගින් වාචික දැනුම හා කුසලතාවය ලබා දීමට කටයුතු කිරීම හා එක් එක් ආදර්ශන බිම් වල තබා ඇති තොරතුරු අඩංගු දර්ශන පුවරු හා අත්පත්‍රිකා මගින් තොරතුරු සැපයීම.
  • ප්‍රයෝගික කෘෂිකර්ම කටයුතු වලට සම්බන්ධ වීම මගින් කුසලතා වර්ධනය කරගැනීමට නරඹන්නන්ට අවස්ථාව සලසාදීම විශේෂයෙන් බිම්මල් වගා පුහුණුව වැනි වැඩසටහන් වලදී සිදු කිරීම.
  • ජාතික මට්ටමේ කෘෂිකාර්මික ප්‍රදර්ශන සංවිධානය කිරීම හා පැවැත්වීම.
  • NVQ මට්ටම 4 සිට මට්ටම 6 දක්වා පාඨමාලා සඳහා සය මාසික පුහුණුව ලබාදීම.
  • ග්‍රාමීය ජනතාව අතර තාක්‍ෂණික පණිවිඩ ප්‍රචාරය කිරීම සඳහා වීදි නාට්‍ය සංවිධානය කර රඟදැක්වීම.
  • ආහාර බෝග යොදා භුමි අලංකරණ ක්ෂේත්‍ර, තාක්‍ෂණ උද්‍යාන ප්‍රදර්ශන භූමි, කෘෂි සංචාරක භූමි, ආදිය සැලසුම් කිරීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආයතන සඳහා ක්ෂේත්‍ර සහ නාම පුවරු ඉදිකිරීම.

අපගේ ඡායාරූප එකතුව

කෘෂි තාක්ෂණ උද්‍යානය, ගන්නෝරුව - ප්‍රධානී

MrJanaka

අයි. ජී. කේ. ජානක මහතා

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

Deputy Director of Agriculture (Unit Head) I.G.K. Janaka

අයි. ජී. කේ. ජනක මහතා

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ

Audio Visual Asistant D.M. Amaradasa
ඩී.එම්. අමරදාස මයා
ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර
Audio Visual Asistant - P.W.G.T.D. Pahalawaththa
පී.ඩබ්.ජී.ටී.ඩී. පහලවත්ත මයා
ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර
Audio Visual Asistant - S.M.V.R. Sooriyaarchchi
එස්.එම්.වී.ආර්. සූරියආරච්චි මයා
ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර
DO - G.W.N.D.K. Karunarathna
ජී.ඩබ්.එන්.ඩී.කේ. කරුණාරත්න මිය
සංවර්ධන නිළධාරි
Development Officer - M.G.N. Udayangani
එම්.ජී.එන්. උදයංගනී මිය
සංවර්ධන නිළධාරි
Development Officer - B.A.T. Manel Kumari
බී.ඒ.ටී. මානෙල් කුමාරි මිය
සංවර්ධන නිළධාරි
ජේ.එම්.එල්.පී.පී. ජයසිංහ මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - B.M.D.A.R.P. Munasinghe
බී.එම්.ඩී.ඒ.ආර්.පී. මුණසිංහ මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - W.M.K.M.P.S.P.K. Witharana
ඩබ්.එම්.කේ.එම්.පී.එස්.පී.කේ. විතාරණ මිය
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - M.C.I. Silva
එම්.සී.අයි. සිල්වා මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - D.M.N.S. Dasanayaka
ඩී.එම්.එන්.එස්. දසනායක මයා
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - K.G. Balasooriya
කේ.ජී. බාලසූරිය මිය
කෘෂිකර්ම උපදේශක
Agriculture Instructor - C.A.K. Nugapitiya
සී.ඒ.කේ. නුගපිටිය මෙනෙවිය
කෘෂිකර්ම උපදේශක
Technical Assistant - S.M.H.M. Samarakoon
එස්.එම්.එච්.එම්. සමරකෝන් මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - H.S.H. De Mel
කේ.ඒ.ආර්.එම්. දයාරත්න මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - H.S.H. De Mel
එච්.එස්.එච්. ද මෙල් මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - G.W.A.S.B. Gangoda
ජී.ඩබ්.ඒ.එස්.බී. ගංගොඩ මයා
තාක්ෂණ සහකාර
Technical Assistant - P.G.N.T.Jayaweera
පී.ජී.එන්.ටී. ජයවීර මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - A.W.A. Nishamali
ඒ.ඩබ්.ඒ. නිශාමලී මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - C.S.K. Mohotti
සී.එස්.කේ. මොහොට්ටි මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - H.M.D.I. Herath
එච්.එම්.ඩී.අයි. හේරත් මෙනෙවිය
තාක්ෂණ සහකාර
Technical Assistant - C.R. Thiranagamage
සී.ආර්. තිරන්ගමගේ මයා
තාක්ෂණ සහකාර
Technical Assistant - K.G.H.S. Jayathilaka
කේ.ජී.එච්.එස්. ජයතිලක මිය
තාක්ෂණ සහකාර
Technical Assistant - S.K.A. Dharmarathna
එස්.කේ.ඒ. ධර්මරත්න මෙනෙවිය
තාක්ෂණ සහකාර

අප අමතන්න