NAICC – AGRO TECHNOLOGY PARK – BATA ATA – si

National Agriculture Information and Communication Centre

NAICC උප ඒකක

චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය, බටඅත

බට අත පිහිටුවා ඇති කෘෂි තාක්‍ෂණ උද්‍යානය 2008 දී ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ය. හරිත උද්‍යාන සංකල්පය සාක්‍ෂාත් කර ගත් ශ්‍රී ලංකාවේ දෙවන කෘෂි තාක්‍ෂණ උද්‍යානය මෙය වේ. හිටපු කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ අදහසකට අනුව ගොවීන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා මෙම උද්‍යානය පිහිටුවන ලදී.

කෘෂි තාක්‍ෂණ උද්‍යානය වියලි කලාපයේ සීමාවෙන් ඔබ්බට අක්කර 50 ක් පමණ පැතිරී ඇති අතර ඉහළ බෝග විවිධත්වයකින් යුත් විවිධ කෘෂිකාර්මික භෝග වලින් සමන්විත වේ. උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ ලොව ප්‍රථම කෘෂි කාර්මික ස්මාරකය පිහිටා ඇත. එම ස්මාරකය සාම්ප්‍රදායික ගොවියා සහ කෘෂිකර්මාන්තය අතර ඇති බැඳීම සංකේතවත් වන පරිදි දෙඅතේ අතැඟිලි බැඳෙන සේ ගොඩ නඟා ඇත.

මෙහෙවර

සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ ආර්ථික ඵලදායිතාවය සදහා නව තාක්ෂණයන් පිළිබද දැනුම හා කෘෂිකාර්මික ගොවිපලක අත්දැකීම් ලබා දීම තුළින් තිරසාර කෘෂි සංවර්ධනයට උර දීම.

NAICC උප ඒකක

චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය, බටඅත

බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බටඅත ග්‍රාමයේ මාතර කතරගම ප්‍රධාන පාරට යාබදව පිහිටා ඇත.

මෙහෙවර

සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ ආර්ථික ඵලදායිතාවය සදහා නව තාක්ෂණයන් පිළිබද දැනුම හා කෘෂිකාර්මික ගොවිපලක අත්දැකීම් ලබා දීම තුළින් තිරසාර කෘෂි සංවර්ධනයට උර දීම.

බට අත පිහිටුවා ඇති කෘෂි තාක්‍ෂණ උද්‍යානය 2008 දී ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ය. හරිත උද්‍යාන සංකල්පය සාක්‍ෂාත් කර ගත් ශ්‍රී ලංකාවේ දෙවන කෘෂි තාක්‍ෂණ උද්‍යානය මෙය වේ. හිටපු කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ අදහසකට අනුව ගොවීන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා මෙම උද්‍යානය පිහිටුවන ලදී.

කෘෂි තාක්‍ෂණ උද්‍යානය වියලි කලාපයේ සීමාවෙන් ඔබ්බට අක්කර 50 ක් පමණ පැතිරී ඇති අතර ඉහළ බෝග විවිධත්වයකින් යුත් විවිධ කෘෂිකාර්මික භෝග වලින් සමන්විත වේ. උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ ලොව ප්‍රථම කෘෂි කාර්මික ස්මාරකය පිහිටා ඇත. එම ස්මාරකය සාම්ප්‍රදායික ගොවියා සහ කෘෂිකර්මාන්තය අතර ඇති බැඳීම සංකේතවත් වන පරිදි දෙඅතේ අතැඟිලි බැඳෙන සේ ගොඩ නඟා ඇත.

මෙහෙවර

සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම සහ ආර්ථික ඵලදායිතාවය සදහා නව තාක්ෂණයන් පිළිබද දැනුම හා කෘෂිකාර්මික ගොවිපලක අත්දැකීම් ලබා දීම තුළින් තිරසාර කෘෂි සංවර්ධනයට උර දීම.

ඉතිහාසය

2006 වර්ෂයේ එවකට කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ චමල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර 2008 වර්ෂයේදී ජනතා අයිතියට පත් කරන ලදී. අක්කර 50 න් යුත් බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ගන්නෝරුව ජාතික කෘෂි තාක්ෂණ උද්‍යානය හැරුනුකොට ලංකාවේ පිහිටි දෙවන කෘෂි තාක්ෂණ උද්‍යානය ලෙස හැදින්වේ.

උද්‍යානය ඉදිරි පිවිසුමෙහි ආකර්ශනීය එක්ට බැදි දෑත් යුගලක ස්මාරකයක් නිර්මාණය කර ඇති අතර එය ගොවීන් උදෙසා නිර්මාණය වූවක් බව සදහන් වේ. එමගින් සංකේතවත් වනුයේ ගොවියා සහ කෘෂිකර්මාන්තය අතර පවතින සෞභාග්‍යයේ සම්බන්ධතාවයයි. උද්‍යානය පුරා භූමි අලංකරණයන් සංචාරකයින්ගේ නෙත් අමන්දානන්දයට පත් කරමින් ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගැනිමට සමත් වී ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයට අයත් වේ.

අරමුණු

  1. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රභේද හා වගා තාක්ෂණයන් පිලිබද දැනුම සජීවී භෝග ආදර්ශනයන් මගින් ගොවීන්ට ලබා දීම.
  2. සාම්ප්‍රදායික හා නව කෘෂි තාක්ෂණයන් ආදර්ශනය කිරීම.
  3. දෙස් විදෙස් සංචාරකයින් සදහා කෘෂි සංචාරය ප්‍රවර්ධනය.
  4. ගොවි ජනතාවට, පාසල් ළමුන්ට හා සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කෘෂි තොරතුරු හා උපදෙස් ලබා දීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීම.
  5. ඍජු රැකියා (කෘෂිකර්ම උපදේශක, කම්කරු ) හා අනියම් රැකියා බිහි කිරීම (දේශීය ආහාර විකිණීමේ ස්වයං රැකියා).
  6. කෘෂි ව්‍යවසායකත්වය සංවර්ධනය සදහා මගපෙන්වීම.

සේවාවන්

  1. පාසල් ළමුන්, උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගොවි කණ්ඩායම් සදහා අවශ්‍ය කෘෂි තාක්ෂණික දැනුම බෝග ආදර්ශනයන් හා ප්‍රායෝගික උදාහරණයන් මගින් ලබා දීම.
  2. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශිත නව බෝග ප්‍රභේද නිර්දේශිත ක්‍රම අනුව නව තාක්ෂණයන් භාවිතයෙන් වගා කිරීම ආදර්ශනය.
  3. කෘෂිකර්මය පිලිබද උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබාදීම.
  4. සංචාරකයින් (දෙස් විදෙස්) සදහා විනෝදාස්වාදය මෙන්ම ස්වභාව සෞන්දර්යයේ ආශ්වාදය වින්දනයට අවස්ථාව ලබා දීම.
  5. ඉහළ ගුණාත්මයෙන් යුත් දේශීය ආහාර සෞඛ්‍යාරක්ෂිතව සංචාරකයින්ට පහසු මිළකට ලබා දීම.
  6. ගොවිපොළ නිෂ්පාදන පහසු මිළකට ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම.
  7. මංගල ජායාරූප ලබා ගැනීම සදහා අවශ්‍ය පසුතල නිර්මාණ සැපයීම.

අපගේ ඡායාරූප එකතුව

චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය, බටඅත - ප්‍රධානී

කේ.ආර්.ඩබ්ලිව්. කීර්තී මහතා

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

අප අමතන්න

සමාජ මාධ්‍ය