NAICC- Services – Conference Hall and Roof Top – si

National Agriculture Information and Communication Centre

NAICC අංශ

සම්මන්ත්‍රණ ශාලාව සහ ඉහළ මහල වෙන් කිරීම

ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාව සම්මන්ත්‍රණ, රැස්වීම්, පුහුණු සහ අනෙකුත් අදාළ වැඩසටහන් සඳහා කුලී පදනම මත වෙන්කරගත හැක. සම්මන්ත්‍රණ පහසුකම් කුලියට ගන්නා අයට අන්තර්ජාල පහසුකම් සහ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණද භාවිතා කල හැක.

සම්මන්ත්‍රණ සඳහා විශේෂයෙන් සකසන ලද වායුසමීකරණය කළ සම්මන්ත්‍රණ ශාලාව මහජන ඇමතුම් පද්දතියකින් සහ අනෙකුත් පුහුණු ආධාරක වලින් සමන්විතය. සම්මන්ත්‍රණ මේසයවටා පුද්ගලයින් 32 ට අසුන්ගත හැකි අතර අමතර සහභාගී වන්නන් 200 ක් සඳහා අමතර පුටුවල අසුන්ගත හැකිය.  සම්මන්ත්‍රණ ශාලාව කුලියට ගන්නා අයට ගොඩනැගිල්ලේ පස්වන මහලේ පිහිටා ඇති දර්ශනීය බෝජනාගාර පහසුකම්ද භුක්ති විඳිය හැකිය.

සම්මන්ත්‍රණ ශාලාවේ වෙන් කිරීම මාර්ගගතව හෝ පහත ලිපිනයට සිදු කරන ලිඛිත ඉල්ලීමක් මඟින් සිදු කළ හැකිය.

සම්මන්ත්‍රණ පහසුකම් සඳහා ගාස්තු

  • සම්මන්ත්‍රණ ශාලාව සහ බෝජනාගාරය  (දවසට  උපරිම පැය 12, සවස 6.00 දක්වා) = රු. 80, 000.00 (සවස 6.00 න් පසු රුපියල් 13,334.00 බැගින් අතිරේක පැයක් සඳහා අය කෙරේ.)
  • වෙන් කළ දිනයට පෙර මුදලින් හෝ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් නමට ලියන ලද චෙක්පතිකින් ගෙවීම් සිදුකල යුතුය.
  • වෙන් කිරීම් සඳහා වන සියලුම ලිපි පහත ලිපිනයන්ට යොමුකරන්න:

අධ්‍යක්ෂක
ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය,
ගන්නෝරුව, පේරාදෙණිය.

දුරකථන : +94 812 030040/41/42/43  

ෆැක්ස් : +94 812 030048

විද්යුත් තැපෑල : director.naicc@doa.gov.lk

වෙන් කිරීම

[booking options='{calendar months_num_in_row=1 width=100% cell_height=100%}']

සම්මන්ත්‍රණ ශාලාව

ඉහළ මහල