harvest-transport

ඇසිරීම සහ ප්‍රවාහනය
 
 ඇසුරුම්කරණය කිරීම සදහා ශක්තිමත් අසුරණු භාවිතා කල යුතුය. මේ සඳහා සිදුරු සහිත ප්ලාස්ටික් කුඩා වාතාශ්‍රය හොදින් සිදුවන ලී පෙට්ටි ඇසුරුම් සදහා භාවිතා කිරීමෙන් එළවළු වල තත්වය ආරක්ෂා කර ගත හැකිය . කිසි විටෙකත් පොලිසැක් මලු භාවිතෙයන් ඒළවලු තැබීමක් සිදුවනවා මෙන්ම තැලීම හා පොඩිවීම සිදුවීම මගින් කුණු වී අපතේ යන ප්‍රමාණය ඉහළ යනවා ඇත.

මෙම ඇසුරුම් ලොරි වල ඇසිරීමේදි වාතාශ්‍රය ලැබෙන පරිදි ඇසුරුම් හොදින් එක මත එක පැටවිය හැකි ඒවා විය යුතුය පැටවීමේදි බෑමේදි එය පරිස්සමෙන් කල යුතුය. මෙම අසුරනු නොසැලකිල්ලෙන් පැටවීමේදි සහ බෑවීමේදි අසුරනු වලෙ හානිවනවා  මෙන්ම එළවළු වලටද හානි සිදුවේ .එළවළු  තාවකාලිකව කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්නේ නම් ඒවා සෙවන සහිත ස්ථානයක වාතාශ්‍රය ලැබෙන පරිදි ඇසිරීම කල යුතුය. එසේම නරක් වූ සහ ඉදුණු ඒවා හෝ කොටස් ඇත්නම් ඒවා දිනපතා ඉවත් කල යුතුය. එළවළු කිසිවිටෙකත් පලතුරු සමග මිශ්‍රව ප්‍රවාහනය නොකරන්න.

250_salato_plastic_black-min

  සුපිරි වෙළඳපළ සදහා තක්කාලි ඇසිරිම

maize packing

  සුපිරි වෙළඳපල සදහා බඩඉරිගු අසුරා තිබිම

DSC_1270-min

එලවළු අසුරා තැබීම

DSC_1263-min

  එළවළු ඇසුරුම් ලොරියකට පැටවීම

 සේදිම
 එලවළු පිරිසිදු නම් සේදිම අනවශ්‍යය. සේදිම මගින් කුණු වීමට ඇති අවස්ථාව වැඩිය.කෙසේ වෙතත් කැරට්, බීට්, රාබු, ලීක්ස් වැනි එළවළු සේදීම අවශ්‍ය විය හැකිය. මේ සදහා පිරිසිදු ජලය භාවිතා කළ යුතු අතර ලෙඩ රෝග  පැතීරිම අවම කිරීම සදහා සෝදන  ජලයට ක්ලෝරීන්  (100 පී.පී.ඒම්) දැමීම නිර්දේශ කළ හැකිය. එළවළු සෝදන්නේ  නම් සේදු  වහාම මද පවෙන් වේලීම අනිවාර්යෙන්ම කළ යුතුය. එසේ නැතිනම් කුණු වීම සිදු වේ. මේ  සදහා විදුලි පංකාවක් භාවිතය යෝග්‍යය.
carrot wash-min

පිරිසිදු ජලය යොදා සේදීම

carrot wash1-min

මද පවෙන් වේලීම