harvest-post

අස්වනු නෙලීම ( පසු අස්වනු තාක්ෂණය)

එළවළු ගසේ  තිබියදි මෙන්ම නෙලාගත් පසුවද ජීවී තත්ත්වයේ පවතින නිසා සෑම අවස්ථාවකම සැළකිලිමත්ව පරිහරණය කිරීම මගින් පෝෂණ තත්ත්වය රැකගනිමින් හොද ගුණාත්මයෙන්  යුත් නැවුම් එළවළු වෙළඳපොලට ඉදිරිපත් කළ හැකිය. අස්වනු නෙලීම අතින් හෝ යම් මෙවලමක් යොදා ගනිමින්  සිදුකළ හැකිය. මේ සඳහා කතුරු, පිහියා වැනි දේවල්  උපයෝගි  කරගත හැකිය. තුවාල සහ සිරීම් ඇතිවීම, බිම වැටිම, තැලීම, පොඩිවීම ආදිය සිදු නොවීමට වගාබලා ගැනිමෙන් අස්වනු හානිය අඩුකර ගත හැකියි.
අස්වනු නෙලීමේ දර්ශක
අස්වනු නෙලීමේදි මේරීමේ තත්ත්වය තීරණය කරගැනිම සදහා දර්ශක යොදා ගැනිම සිදුකරයි. දිග, බර, වර්ණය, කැඩෙනසුළු බව, තද බව, මල් පීදීමේ සිට දින ගණන ආදී සරල ක්‍රමද යොදා ගත හැකිය. එමෙන්ම ඉහළ තාක්ෂණික ක්‍රමද යොදා ගත හැකිය. නියමිත වේලාවට අස්වනු නෙලීම ඉතා වැදගත්ය. නියමිත වේලාවට පසුව අස්වනු නෙලීම ආර්ථික  වශෙයන් අවාසිදායකය. නියමිත අවස්ථාව පසුවී අස්වනු නෙලීමෙන්  ඒවා ආහාරයට  ගත නොහැකි තත්වයට පත් වීම නිසා නාස්තිය ද වැඩි වේ.
01. බෝංචි ,මෑ,බුෂිටාවෝ , දඹල
කරෙලහි උපරිම දිගට පත්වු පසුව, කරෙලහි බීජ වෙන් වෙන්ව නොපෙනීම, කරල පහසුවෙන් කැඩෙන සුළු බව, කරල් මහත්වන තුරු නොසිටින්න.
02. වම්බටු

ගෙඩියෙහි උපරිම දිගට පත්වු පසුව, ගෙඩිය එබෙන සුළු වීම ( ඇඟිල්ලෙන් තද කළ විට ), ගෙඩියෙහි පැහැය දීප්තිමත්ව තිබිම, කැපු විට කැපෙන  සුළු බව.

03. තක්කාලි

10%ක් පමණවත් කහ හෝ  රෝස පැහැති වර්ණය තිබීම.

04. කරවිල, පතෝල, වැටෙකාලු

කරෙලහි උපරිම දිගට වර්ධනය වී තිබීම, කරෙලහි විෂ්කම්භය වැඩිවන තුරු නෙලිම පමා නොකරන්න. බීජ කැපෙන  සුව බව,වැටෙකාලු කරලේ  නෙරි අතර ඇඟිල්ලෙන් තද කල විට එබෙන සුළුබව.

05.මාළු මිරිස්,බණ්ඩක්කා

කරෙලහි  උපරිම දිගට පත්වීමට දින දෙකකට පෙර නෙලීම, කරෙලහි අග කෙලවර නැමූවිට පහසුවෙන් කැඩෙන සුළු බව, බීජ පහසුවෙන්  කැඩෙන සුළු බව, බීජ පහසුවෙන් කැපෙන සුළු බව. (කාලය පමා වූ විට මේරීම නිසා ආහාරයට ගත නොහැක)

06. කැරට්, බීට්, නෝකෝල්, රාබු
ප්‍රභේදය අනුව ගැලවිය යුතු කාලය බීජ මිලදී ගන්නා විටම දැනගෙන නියමිත කාලයට ගැලවීම
07. ගෝවා
රභේදය අනුව අස්වැන්න නෙලන දින ගණන තීරණය වේ. හොඳින් ගෙඩිය වර්ධනය වී තිබීම, ගෝවා  ගෙඩිය ඇඟිල්ලෙන් තද කළ විට තද බව, (කාලය පමා වු විට ගෙඩිය පිපිරිම සිදුවේ)
08.ලීක්ස්
ප්‍රභේදය අනුව අස්වැන්න නෙලන දින ගනන තීරණය වේ.ශාකය හොඳින් වර්ධනය වී තිබීම.(කාලය පමාවු විට මල් පීදීම සිදුවේ)
09. බ්‍රොකලි

පොහොට්ටු සියල්ල තදින් ඇසිරී තිබිම, මල් විවෘතව නොතිබීම.

10. මල් ගෝවා

පොහොට්ටු සියල්ල තදින් ඇසිරී තිබිම, මල් විවෘතව නොතිබීම.

11. ලුනු හා සුදු ලුනු

පත්‍ර සහ පත්‍ර ගොමුව බල්බයට සවිවන ස්ථානය වියළී යාම.

12. අර්තාපල්

කොළ වියළී යාම, පසට ජල සැපයුම සිදුකර පස බුරුල් වු විට නෙලා ගැනීම.

13. කිරි අල

කොළ වියළිමට ඇරඹීම පසට ජලය සපයා පසුව පස බුරුල් අවස්ථාවේ නෙලීම.

14. බතල
වැල වියළි යාම, පස බුරුල් වු විට නෙලාගැනීම.
15. ඉඟුරු
අල අදාල විශාලත්වයට පැමිණීම, පසට ජලය සපයා පස බුරුල් අවස්ථාවේ නෙලාගැනීම.
16. දෙහි

10% හෝ ඊට වැඩි කහ පැහැ වීම. ගසේ ගෙඩි සියල්ල එකවර නොකඩවා වරින් වර නෙලාගැනීම. අතින් තද කළ විට එබෙන  සුළු බව.

 17.කොස් , දෙල්

කටු තියුණු බව අ ඩු වී යාම, තද කොළ ලා කොළ පාටට හැරීම, ගෙඩිය පිරී තිබීම, තට්ටු කිරීමේදි බෝල් හඬක් නිකුත්වීම, මල්ලක හෝ ලණුවක ගැට ගසා තබා ගැනිම සිදුකිරීමෙන්  තුවාල /තැලීම සිදුවීම වළක්වා ගත හැකිය.

18.වට්ටක්කා
නටුවේ  අලු ගතිය අඩුවී යාම, ගෙඩිය  හොඳින් පිරී තිබීම, අස්වනු නෙලීමට නියමිත දින ගණන සම්පූර්ණ වී තිබීම සහ තට්ටු කිරීමේදි බොල්  හඬක් නිකුත්වීම.
19. පිපිඤ්ඤා (සලාද සඳහා)

ගෙඩියෙහි උපරිම දිගට වර්ධනය වීම, පොත්තෙහි පැහැය වෙනස් නොවීම, ගෙඩියෙහි මහත වැඩිවන තුරු නොසිටින්න. බීජ පහසුවෙන්  කැපෙන සුළු බව

20. බඩ ඉරිගු (Baby Con)ලපටි අවස්ථාවේ නෙලාගැනීම, නියමිත දින ගණන අනුව අස්වැන්න නෙලීම.

21. පළා වර්ග

පමණට වඩා මේරීම සහ මල් සෑදීමට පෙර නෙලාගැනීම.හොඳින් ශාකය වර්ධනය වූ විට නොමේරූ තත්වයෙන් අස්වනු නෙලීම.


22. සළාද

ඝන වීමට/ පමණට වඩා මේරීමට ප්‍රථම නෙලාගත යුතුය.

23. කව්පිSnap bean, Sweet pea, දඹල

පහසුවෙන් කැඩෙන සුළු හොඳින් පිරුණු කරල.

24. බෙල් පෙපර්

රතු කහ වර්ගවල ඵල අදාළ වර්ණවලට පැමිණි පසු මෙන්ම දෙවර්ගයේම මේරූ  ඵල තද කොළ පැහැයෙන් ඇති විට නෙලා ගැනිම .

25. අමු මිරිස්

හොඳින් අනුව අස්වැන්න නෙලන දින ගණන තීරණයවේ. උපරිම දිගට පත්වු පසු, රතු කොළ වර්ණය ඇතිවීම  සහ අතින් තද කළ විට එබෙන  සුළුබව/ තද ගතිය ඇතිවිට නෙලීම.


26.ලීමා බෝංචි, තෝර පරිප්පු

හොඳින් පිරුණු කරල සහ එහි තද කොළ පැහැය ක්‍රමයෙන් අඩුව යන අවස්ථාව.

අස්වනු  නෙලීම  සහ ‍ක්ෂේත්‍රෙය් අස්වනු හැසිරවිම
අස්වනු උදය කාලෙයේ පිණි හිදුණු පසු නෙලීම වඩාත් සුදුසුය. පිණි සහිතව අස්වනු නෙලීම මඟින් ඉක්මනින් ලෙඩ රෝග සෑදි කුණු විමට තිබෙන ප්‍රවණතාවය ඉහළයි. මධ්‍යහ්නයට  ආසන්න කාලෙය්දි අස්වනු නෙලිම නුසුදුසුය. එසේ නෙලන ලද එළවළු වැඩි කාලයක් තබා ගැනීමට නොහැකිය. එසේම වර්ෂාව තිබෙන අවස්ථාවේ  එළවළු නෙලීමෙන්  ඒවා කුණු වී අපතේ  යන ප්‍රමාණය ඉහළය. නෙලන ලද එළවළු කිසිවිටෙකත්  අව්වට නිරාවරණය නොකරන්න. එළවළු නෙලීම පොහොර මළු භාවිතා කර සිදු නොකළ යුතු අතර හැකි සෑම විටම ශක්තිමත් බදුනක් භාවිතා කරන්න. මේ  සඳහා කුඩයක්, ප්ලාස්ටික් බදුනක් හෝ බේසමක් භාවිතා කළ හැකිය. එසේම  නෙලූ එළවළු  කිසිවිටෙකත් පොලව මත ගොඩ නොගසන්න. එමඟින් පස් සහා දූවිලි සමඟ ගැටීම නිසා ලෙඩ රෝග කාරක ඇතුල් වී ඉක්මනින් කුණු වීම සිදුවේ. නෙලූ  එළවළු සෙවන  සහිත ස්ථානයකට යවන්න. එසේම  එම එළවළු ගොඩ නොගැසිය යුතු අතර එසේ කළ හොත්  ඒවායේ  උෂ්ණත්වය ඉහළ ගොස්  ඉක්මනින් පරිහානියට පත්වේ. එබැවින් ඒවා හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ තබන්න.
DSC_1424
849A9186
_49A1181
තේරීම  හා වර්ග කිරීම
තුවාලවුණු, තැලුණු, පොඩිවුණු, කුණුවුනු, කෘමි හානි සිදු වු, අධික ලෙස මේරූ අක්‍රමවත් හැඩයේ සහ වැඩිපුර ඉදුනු එළවළු තිබේ නම් ඒවා ඉවත් කළ යුතුය. මේවා හොඳ එළවළු සමඟ මිශ්‍ර කොට වෙළඳපොළට යැවීමෙන් ලැබෙන ආදායම අඩු වේ. හොද එළවළු පමණක් ඒවායේ ප්‍රමාණය සහ මේරීමේ තත්වය මත වර්ග කිරිම වැඩි මිලක් ලබා ගැනීමට හේතු වේ.