අස්වනු නෙලීම ( පසු අස්වනු තාක්ෂණය)
පිහියක් භාවිතා කොට අස්වනු නෙලීම
කතුරක් භාවිතාකොට අස්වනු නෙලීම
අස්වනු නෙලීමේ දර්ශක
අස්වනු නෙලීමේදි මේරීමේ තත්ත්වය තීරණය කරගැනිම සදහා දර්ශක යොදා ගැනිම සිදුකරයි. දිග, බර, වර්ණය, කැඩෙනසුළු බව, තද බව, මල් පීදීමේ සිට දින ගණන ආදී සරල ක්‍රමද යොදා ගත හැකිය. එමෙන්ම ඉහළ තාක්ෂණික ක්‍රමද යොදා ගත හැකිය. නියමිත වේලාවට අස්වනු නෙලීම ඉතා වැදගත්ය. නියමිත වේලාවට පසුව අස්වනු නෙලීම ආර්ථික වශෙයන් අවාසිදායකය. නියමිත අවස්ථාව පසුවී අස්වනු නෙලීමෙන් ඒවා ආහාරයට ගත නොහැකි තත්වයට පත් වීම නිසා නාස්තිය ද වැඩි වේ.
තද බව/ව්‍යුහ ස්වභාවය මැනීම - (පෙනිට්‍රොමීටරය/ Penetro meter)
දිග මැනීම
01. බෝංචි ,මෑ,බුෂිටාවෝ , දඹල
කරෙලහි උපරිම දිගට පත්වු පසුව, කරෙලහි බීජ වෙන් වෙන්ව නොපෙනීම, කරල පහසුවෙන් කැඩෙන සුළු බව, කරල් මහත්වන තුරු නොසිටින්න.
නෙලීමට සුදුසු තත්ත්වයන් යටෙත් නෙලාගත් බෝංචි
නෙලිමට සුදුසු කාලය පසුවූ පසු නෙලාගත් බුෂිටාවෝ
නෙලීමට සුදුසු කාලය පසුවූ පසු නෙලාගත් දඹල
02. වම්බටු
ගෙඩියෙහි උපරිම දිගට පත්වු පසුව, ගෙඩිය එබෙන සුළු වීම ( ඇඟිල්ලෙන් තද කළ විට ), ගෙඩියෙහි පැහැය දීප්තිමත්ව තිබිම, කැපු විට කැපෙන සුළු බව.
03. තක්කාලි
10%ක් පමණවත් කහ හෝ රෝස පැහැති වර්ණය තිබීම.
නෙලීමට සුදුසු කාලයේ නෙලාගත් තක්කාලි
තක්කාලි වර්ණ
04. කරවිල, පතෝල, වැටෙකාලු
කරෙලහි උපරිම දිගට වර්ධනය වී තිබීම, කරෙලහි විෂ්කම්භය වැඩිවන තුරු නෙලිම පමා නොකරන්න. බීජ කැපෙන සුව බව,වැටෙකාලු කරලේ නෙරි අතර ඇඟිල්ලෙන් තද කල විට එබෙන සුළුබව.
ප්‍රභේදයට ආවේණික නෙලීමට සුදුසු සුදුසු දිගකින් යුතු පතෝල
ප්‍රභේදයට ආවේණික නෙලීමට සුදුසු දිගකින් යුතු කරවිල
ප්‍රභේදයට ආවේණික නෙලීමට සුදුසු දිගකින් යුතු වැටෙකාලු
05.මාළු මිරිස්,බණ්ඩක්කා
කරෙලහි උපරිම දිගට පත්වීමට දින දෙකකට පෙර නෙලීම, කරෙලහි අග කෙලවර නැමූවිට පහසුවෙන් කැඩෙන සුළු බව, බීජ පහසුවෙන් කැඩෙන සුළු බව, බීජ පහසුවෙන් කැපෙන සුළු බව. (කාලය පමා වූ විට මේරීම නිසා ආහාරයට ගත නොහැක)
06. කැරට්, බීට්, නෝකෝල්, රාබු
ප්‍රභේදය අනුව ගැලවිය යුතු කාලය බීජ මිලදී ගන්නා විටම දැනගෙන නියමිත කාලයට ගැලවීම
නෙලීම සුදුසු අවස්ථාවේ කැරට්කොළ ඉදීම
සුදුසු තත්වයෙන් යුතුව නෙලාගත් නෝකෝල්,
බීට්, නෝකෝල් , රාබු කොළ හොඳින් වර්ධනය වී තිබීම (කාලය පමාවූ විට අල පිපිරීම සිදුවේ )
07. ගෝවාරභේදය අනුව අස්වැන්න නෙලන දින ගණන තීරණය වේ. හොඳින් ගෙඩිය වර්ධනය වී තිබීම, ගෝවා ගෙඩිය ඇඟිල්ලෙන් තද කළ විට තද බව, (කාලය පමා වු විට ගෙඩිය පිපිරිම සිදුවේ)
08.ලීක්ස්
ප්‍රභේදය අනුව අස්වැන්න නෙලන දින ගනන තීරණය වේ.ශාකය හොඳින් වර්ධනය වී තිබීම.(කාලය පමාවු විට මල් පීදීම සිදුවේ)
නෙලීම සුදුසු කාලයට නෙලාගත් ගෝවා
නිවැරදි දින ගණනින් නෙලාගත් ලීක්ස්
09. බ්‍රොකලි
පොහොට්ටු සියල්ල තදින් ඇසිරී තිබිම, මල් විවෘතව නොතිබීම.
10. මල් ගෝවා
පොහොට්ටු සියල්ල තදින් ඇසිරී තිබිම, මල් විවෘතව නොතිබීම.
තදින් ඇසුරුණු පොහොට්ටු සහිත බ්‍රොකලි
හොඳ තත්ත්වයේ මල් ගෝවා
11. ලුනු හා සුදු ලුනු
පත්‍ර සහ පත්‍ර ගොමුව බල්බයට සවිවන ස්ථානය වියළී යාම.
දැඩි කිරීමෙන් පසු සුදු ලූණු
12. අර්තාපල්
කොළ වියළී යාම, පසට ජල සැපයුම සිදුකර පස බුරුල් වු විට නෙලා ගැනීම.
13. කිරි අල
කොළ වියළිමට ඇරඹීම පසට ජලය සපයා පසුව පස බුරුල් අවස්ථාවේ නෙලීම.
හොඳ තත්ත්වයේ අර්තාපල්
හොඳ තත්ත්වයේ කිරි අල
14. බතල
වැල වියළි යාම, පස බුරුල් වු විට නෙලාගැනීම.
හොඳින් මෝරා ඇති බතල
15. ඉඟුරු
අල අදාල විශාලත්වයට පැමිණීම, පසට ජලය සපයා පස බුරුල් අවස්ථාවේ නෙලාගැනීම.
16. දෙහි
10% හෝ ඊට වැඩි කහ පැහැ වීම. ගසේ ගෙඩි සියල්ල එකවර නොකඩවා වරින් වර නෙලාගැනීම. අතින් තද කළ විට එබෙන සුළු බව.
සුදුසු තත්ත්වයේ ලබාගත් ඉඟුරු අස්වැන්නක්
නිවැරදි අවස්ථාවේදි නෙලාගත් දෙහි
17.කොස් , දෙල්
කටු තියුණු බව අ ඩු වී යාම, තද කොළ ලා කොළ පාටට හැරීම, ගෙඩිය පිරී තිබීම, තට්ටු කිරීමේදි බෝල් හඬක් නිකුත්වීම, මල්ලක හෝ ලණුවක ගැට ගසා තබා ගැනිම සිදුකිරීමෙන් තුවාල /තැලීම සිදුවීම වළක්වා ගත හැකිය.
18.වට්ටක්කා
නටුවේ අලු ගතිය අඩුවී යාම, ගෙඩිය හොඳින් පිරී තිබීම, අස්වනු නෙලීමට නියමිත දින ගණන සම්පූර්ණ වී තිබීම සහ තට්ටු කිරීමේදි බොල් හඬක් නිකුත්වීම.
හොඳින් පැසුණු කොස්
හොඳින් පැසුණු වට්ටක්කා
19. පිපිඤ්ඤා (සලාද සඳහා)
ගෙඩියෙහි උපරිම දිගට වර්ධනය වීම, පොත්තෙහි පැහැය වෙනස් නොවීම, ගෙඩියෙහි මහත වැඩිවන තුරු නොසිටින්න. බීජ පහසුවෙන් කැපෙන සුළු බව
නෙලීම සුදුසු අවස්ථාවේ ඇති පිපිඤ්ඤා
20. බඩ ඉරිගු (Baby Con)ලපටි අවස්ථාවේ නෙලාගැනීම, නියමිත දින ගණන අනුව අස්වැන්න නෙලීම.
ලපටි අවස්ථාවේ නෙලාගත් බඩඉරිඟු
21. පළා වර්ග
පමණට වඩා මේරීම සහ මල් සෑදීමට පෙර නෙලාගැනීම.හොඳින් ශාකය වර්ධනය වූ විට නොමේරූ තත්වයෙන් අස්වනු නෙලීම.
ළපටි /අවශ්‍ය මේරීම පළා වර්ග
22. සළාද
ඝන වීමට/ පමණට වඩා මේරීමට ප්‍රථම නෙලාගත යුතුය.
සුදුසු තත්වයේ සලාද
23. කව්පි, Snap bean, Sweet pea, දඹල
පහසුවෙන් කැඩෙන සුළු හොඳින් පිරුණු කරල.
සුදුසු තත්ත්වයේ ඇති කව්පි
24. බෙල් පෙපර්
රතු කහ වර්ගවල ඵල අදාළ වර්ණවලට පැමිණි පසු මෙන්ම දෙවර්ගයේම මේරූ ඵල තද කොළ පැහැයෙන් ඇති විට නෙලා ගැනිම .
නියමිත වර්ණය ලැබු බෙල් පෙපර්
කොළ පැහැති බෙල් පෙපර්
25. අමු මිරිස්
හොඳින් අනුව අස්වැන්න නෙලන දින ගණන තීරණයවේ. උපරිම දිගට පත්වු පසු, රතු කොළ වර්ණය ඇතිවීම සහ අතින් තද කළ විට එබෙන සුළුබව/ තද ගතිය ඇතිවිට නෙලීම.
කොළ පැහැති අමු මිරිස්
26.ලීමා බෝංචි, තෝර පරිප්පු
හොඳින් පිරුණු කරල සහ එහි තද කොළ පැහැය ක්‍රමයෙන් අඩුව යන අවස්ථාව.
සුදුසු කාළයේ නෙලාගත් ලීමා බෝංචි
