harvest-pest control

පසු අස්වනු රෝග පාලනය
එළවළු වලට වැළදෙන පසු අස්වනු රෝග සමහරක් ඇතිවනුයේ අස්වැන්න නෙලීමට පෙර බෝග බෝග වලට ඇතුල් වන රෝග කාරක නිසාය. මේවා ඉස්මතු වන්නේ අස්වැන්න නෙලා විකිණීම සදහා තිබෙන විටය.මෙම රෝග පාලනය ක්ෂේත්‍රෙය්දිම සිදුකල යුතුය. වගාව පිරිසිදුකම පාලනයෙන් මෙම රෝග බොහෝ දුරට පාලනය කල හැක.
මෙම බොහෝමයක් රෝග කාරකයින්ට ඇතුල්වීම සඳහා මතුපිට පලුදුවීමක්, තුවාලවීමක් අවශ්‍යය. කපා වෙන් කරගත් ස්ථානයට අමතරව දුර්වල ඇසුරුම් සහ පරිහරණ ක්‍රම නිසා ඇතිවන තුවාල තුලින් මෙම රෝග ඇතුල්වේ. එබැවින් මෙම රෝග පාලනයට නිර්දේශිත ඇසුරුම් සහ පැටවීමේදි දක්වන පරිස්සම ඉතාමත්ම වැදගත්ය.
කන්නයට, සහා යායට සුදුසු එළවලු වර්ග හා හොඳ තත්ත්වයේ බීජ තෝරා ගැනිම, වගාව හොඳින් පවත්වා ගැනිම සහ රෝග පාලනය කිරීම තුළින් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. ඒෙමන්ම නිවැරදි පසු අස්වනු තාක්ෂණ ක්‍රම යෙදීම තුළින් අස්වැන්නට හොඳ මිලක් ලබාගැනිමට හැකිවේ. එමෙන්ම මිලට සරිලන පෝෂණ ගුණයෙන් අනුන තත්ත්වෙයන් ඉහළ එළවලු පාරිභෝගිකයා අතට පත් කිරිමට ද හැකි වේ.
මෙහි අඩංගු කරුණු අනුගමනය කිරීමෙන් එළවලු පසු අස්වනු හානිය අවම කරගැනිමට හැකිවනු ඇත. ගුණාත්මක ඒළවලු පරිභෝජනය ඉහළ යැවීමෙන් දැනට පවතින පිළිකා, කොලොස්ටරෝල් , දියවැඩියාව ආදි බෝනොවන රෝග සහ ස්ථුලතාවය බොහොදුරට අඩුකර ගත හැකිය. ඉහළ ගුණත්වෙයන් යුතු එළවලු පාරිභෝගිකයා වෙත සැපයිම අපගේ අරමුණයි.
දැඩි කිරිම
ලූනු, අර්තාපල් ,බතල , මකද්කද්ක්කා සහ දේශීය අල වර්ග සදහා දැඩි කිරීම සිදු කරයි. ලූනු සදහා වෙනත් ක්‍රමයක් ද යොදා ගනියි.
අල බෝග සැලකීමේදි අස්වනු නෙලන විට සිදුවන පොතු ගැලවී යාම, කැපීම , කැඩීයාම ආදිය නිසා සිදුවන තුවාල මතුපිට ඝන ස්ථරයක් සෑදීමට සලස්වා ලෙඩ රෝග සෑදීම සහ ජලය වාෂ්පවීම වලක්වා ගැනීම සිදු කරයි. මේ සඳහා (හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස ) ගොඩ ගසා පස් තට්ටුවකින්, දහයියා හෝ කැන්වස් රෙද්දකින් වසා හිරු ඒළිය කෙලින්ම නොවැටෙන ලෙස දින 4-7 තැබීම සිදු කරයි.

ලූනු වලදී පත්‍ර බල්බයට සව්වන ස්ථානය (ගෙල) , පිටපොත්ත හා මුල් වියළී යාමට ඉඩ හරියි. මේ සදහා සෙවන ඇති ස්ථානයක දින කිහිපයක් වියලෙන්නට ඉඩ හරියි.එසේ නොමැති නම් මෙම එක් එක් බෝගය සඳහා දැඩි කිරීමේ ක්‍රියාව සිදුකරනුයේ සෙල්සියස් අංශක 32-40 උෂ්ණත්වය හා ඉහළ අර්ද්‍රතාවයක් (85%-95% පමණ) සහිත ස්ථානයක දින කිහිපයක් ගබඩා කර තැබීම මගිනි.