harvest-market

වෙළඳපොල

සිල්ලර වෙළඳපොල වෙත එළවළු ලඟාවන විට දින 2ක හෝ 3ක කාලයක් ගත වේ. එබැවින් මෙම එළවළු පරිස්සමෙන් වෙළඳපොලේදි පරිහරණය කළ යුතු අතර නැතෙහාත් මේවා ඉක්මණින් පරිහානියට පත්විය හැකිය. නරක් වූ කොටස් ඇත්නම් ඒවා ඉවත් කර පිරිසිදු භාජන වලට අසුරා (ප්ලාස්ටික් ඇසුරුම් ) වෙළඳපොලහි ප්‍රදර්ශනය කල යුතුය. මෙසේ ප්‍රදර්ශනය කරන එළවළු අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කර ගත යුතුය එළවළු අලෙවිය සඳහා තබන විට පලතුරු අසලින් තැබීම නොකල යුතුය. පලතුරු වලින් පිටවන එතිලීන් වායුව නිසා එළවළු ඉක්මනින් පරිහානියට පත්වීම මෙයට හේතුවයි .සිල්ලර වෙළඳපොලේ තාවකාලිකව එළවළු ගබඩා කරන්නේ නම් ඒවා සෙවන සහිත සිසිල් ස්ථානයක ගබඩා කරන්න. ප්ලාටික් ඇසුරුමෙහි එළවළු අසුරා ඇත්නම් ඒවා එලෙසම ගබඩා කල හැකිය. නමුත් පොලිසැක් මළු වල අසුරා තිබුනේ නම් ඒවා මල්ලෙන් ඉවත් කොට තුනී කර තැබිය යුතුය.කිසි විටෙකන් විකිණීම සදහා තිබෙන එළවළු ගබඩා කිරීමේදි හෝ සිල්ලර වෙළඳපොලෙහි බිම තැබීමෙන් වළකින්න. මේ සඳහා ලී වලින් තනන ලද බක්කි හෝ පැලෑටි භාවිතා කල හැකිය.
 
අඩු උෂ්ණත්ව තත්ව වල වෙළඳපොල එළවළු අසුරා තැබීම
එළවළු හොඳින් අසුරා ඇති වෙළඳපොල