Godavella_2023- si

ඔබේ වී වගාවේ

  • පත්‍ර කා දමා ඇති ලක්ෂණ දක්නට ලැබේ ද?
  • පත්‍ර මත සුදු පැහැ බිත්තර කැදලි ලෙස දක්නට ලැබේ ද?
  • කලු හිස සහිත කොළ පැහැ කුඩා දළඹුවන්, පත්‍ර මත කැදලි ලෙස එක්රැස් වී සිටී ද?

එසේ නම්,  එය ගොඩවෙල්ලා ඇතුලු දළඹු හානියේ ආරම්භක අවස්ථාවයි.

වහාම විමසිලිමත් වන්න .... මෙම උපදෙස් පිළිපදින්න

  1. සති 02, 03 සිට වගාව නිරතුරුව පරීක්ෂා කරන්න.
  2. ක්ෂේත්‍රයට විලෝපික කුරුල්ලන් ආකර්ෂණය සඳහා ලැඟුම් ස්ථාන සකසන්න.
  3. හානිය ඇති විට ක්ෂේත්‍රය වරින්වර ජලයෙන් පුරවා තබන්න.
  4. දළඹුවාගේ වේගවත් සංචරණය පාලනය සඳහා ලියද්ද වටා නොගැඹුරු ඇලක් කපන්න. එසේත් නොමැති නම්, නියර වටා අලු යොදන්න.
  5. ක්ෂේත්‍රය සෑම විටම වල් පැළෑටිවලින් තොරව තබා ගන්න.
  6. අඩු ගහන ඝනත්වයක් ඇත්නම් හැකිතාක් දුරට අතින් අල්ලා විනාශ කරන්න.
  7. හානිය අධිකව පවතී නම් රසායනික පාලන ක්‍රමවේද සඳහා යොමුවන්න. ඒ සඳහා නිර්දේශීත කෘමිනාශක භාවිතා කරන්න.
    • ස්පිනෙටරම් (Spinetoran) 25% WG – වතුර ලීටර් 16කට ග්‍රෑම් 05ක්

    • එමමැක්ටින් බෙන්සොඒට් (Emamectin benzoate) 5% SG – වතුර ලීටර් 16කට ග්‍රෑම් 06ක්

    • ක්ලෝරන්ට්‍රැනිලිප්‍රෝලේ (Chlorantraniliprole) 200 ග්‍රෑම් / ලීටර SC – වතුර ලීටර් 16කට ග්‍රෑම් 05ක්

    • ප්ලුබෙන්ඩියාමයිඩ් (Flubendiamide) 24% WG – වතුර ලීටර් 16කට ග්‍රෑම්5ක්
    • ක්ලෝරන්ට්‍රැනිලිප්‍රෝලේ (Chlorantraniliprole) 20% සහ තයොමෙතොක්සාම් (Thiamethoxam) 20% WG මිශ්‍රණය වතුර ලීටර් 16කට ග්‍රෑම් 05ක්  සඳහා යෙදිය හැක.

    • ටෙබුෆෙනොසයිඩ් Tubufenozide 200 ග්‍රෑම් / l SC – වතුර ලීටර් 16කට මිලී ලීටර් 32ක්

  • මෙම කෘමි නාශක නියමිත මාත්‍රාවෙන් සවස් කාලයේ අදාළ අනුපාතවලින් (හෙක්ටයාරයකට ටැංකි 25ක්) කෘමියාගේ 4 වන කීට අවධියට පෙර යෙදීමෙන් සාර්ථක පළිබෝධ පාලනයන් සිදු කළ හැක.

වීඩියෝ එකතුව
වී වගාවේ ගොඩවෙල්ලාගේ හානිය පිළිබඳ දැනුවත්වන්න