Agro enterprises Training 2025 – si

කෘෂි ව්‍යාපාර පුහුණු - 2025

නව කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනටමත් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපාරයක් තව දුරටත් වැඩි දියුණු කිරීමට අපේක්ෂිත ව්‍යවසායකයින් සඳහා ප්‍රයෝජනවත් වන්නාවූ එක්දින හා දෙදින දැනුවත් කිරීමේ සහ නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත. ආර්ථික වශයෙන් සඵලදායි කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම් මෙම පාඨමාලා තුලින් ආවරණය කෙරේ.

පාඨමාලා පවත්වනු ලබන ආකාරය

සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ. එක් අයෙකුට පාඨමාලා කිහිපයකට වුවද සහභාගී විය හැකිය. පාඨමාලාවන් පැවැත්වෙන දිනයන්, පුහුණුව පැවැත්වීමට දෙසතියකට පෙරාතුව ලියාපදිංචි අයදුම්කරුවන් වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබේ. ඔබගේ ඉල්ලුම්පත් ලැබෙන පිළිවෙල අනුව ප්‍රමුඛතා ලේඛනයකට ඇතුලත් කර 30 දෙනා බැගින් වූ කණ්ඩායම් වශයෙන් පාඨමාලාවන් පැවැත්වේ.

පාඨමාලා සඳහා ලියාපදිංචි වියයුතු ආකාරය

පාඨමාලා ලියාපදිංචි ගාස්තුව වන රු.200.00 ක මුදල, පේරාදෙණිය, මහජන බැංකුවේ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ගිණුම් අංක 057-10017902 7204 ට ඕනෑම මහජන බැංකු ශාඛාවකින්  මුදල් තැන්පත් කිරීමෙන් පසු මුදල් ගෙවූ ලදුපත අයදුම්පතත් සමග එවීමෙන් ලියාපදිංචි විය හැකිය. (චෙක්පත්,මුදල් ඇණවුම් භාරගනු නොලැබේ.)

ඉල්ලුම් කරන ලද පුහුණු සඳහා නියමිත දිනට සහභාගිවීමට නොපැමිණියහොත් ආපසු කැඳවීමක් කල නොහැකි බැවින් ඔබගේ ලියාපදිංචි ගාස්තු ආපසු ගෙවීමට නොහැකි බවද කරුණාවෙන් සලකන්න.

පාඨමාලා ගාස්තුව, ආහාර හා නේවාසික පහසුකම් ගාස්තු

පුහුණුවන්නන්ට පාඨමාලා ගාස්තුව පුහුණුවට සහභාගී වන පලමු දිනයේ දී අය කෙරෙනු ඇත. ආහාර හා නේවාසික පහසුකම් අවශ්‍ය වන්නේ නම් පුහුණුවට සහභාගී වන දිනයේ දී අදාල ආයතනයට මුදල් ගෙවීමෙන් ලබාගත හැක. ඒ සඳහා අදාල ගාස්තු පහත දැක්වේ. (මෙම ගාස්තු සංශෝධනය විමට ඉඩ ඇත.)

  • නේවාසික ගාස්තු දිනකට එක් අයෙකු සඳහා රු.1000.00
  • ආහාර සඳහා දිනකට එක් අයෙකු සඳහා රු.1750.00

පාඨමාලා ආශ්‍රිත තොරතුරු

පාඨමාලා අංකය
පාඨමාලාව
පාඨමාලා කාලය
පාඨමාලා ගාස්තුව (රු.)
පැවැත්වෙන ස්ථානය
01
පලතුරු පැල තවාන් පාලනය
02
1000.00
ගන්නොරුව
02
පලතුරු උයන් පාලනය
02
1000.00
ගන්නොරුව
03
එළවළු,පළතුරු, පලා වර්ග විජලනය හා ඒ ආශ්‍රිත නව්‍ය නිෂ්පාදන සැකසීම සහ අලෙවිකරණය
02
1000.00
ගන්නොරුව
04
කෘෂි සංචාරක ව්‍යාපාරය
01
500.00
ගන්නොරුව
05
ආහාර බෝගවලින් භුමි අලංකරණය හා නාගරික කෘෂිකාර්මික ක්‍රමවේදයන්
02
1000.00
ගන්නොරුව
06
කෘෂි ආහාර ආශ්‍රිත නව්‍ය නිශ්පාදන සැකසිම හා අලෙවිකරණය (අයිස්ක්‍රීම්,පලතුරු යුෂ හා පල්ප)
02
1000.00
ගන්නොරුව

පාඨමාලා සැකැස්ම ආශ්‍රිත තොරතුරු ලබාගතහැකි ආකාරය :

පාඨමාලා ලියාපදිංචි ගාස්තුව ගෙවන ලද බැංකු ලදුපත සමග සම්පුර්ණ කරන ලද අයදුම්පත හැකි ඉක්මනින් පහත සඳහන් ලිපිනයට ලැබීමට සැලැස්වීමෙන් පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැක.

අතිරේක අධ්‍යක්‍ෂ (කෘෂි ව්‍යාපාර ),කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, ගන්නෝරුව, පේරාදෙණිය.

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය : 25-09-2025