- E
- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම
පැල සිටවීම
පැල සිටුවීමේ ක්‍රමවේදය කුමක්ද?
- බීජ පැල වැපිරීමේදී මෙන්ම පැල කිරීම සඳහා බීජ පැල භාවිතා කරයි.
- බීජ තවානක ඉන්දවා දින 12 -14 පසු තවානෙන් ඉවත්කර ක්ෂේත්‍රයේ සිටුවීම සිදුකරනු ලැබේ.
- බීජ පැල වැපිරීමේදී මෙන් නොව මෙහිදි තවානෙන් පැල ඉදිරීම සිදු කරන බැවින් පැල වල මූල පද්ධතියට හානි සිදු වේ.
- මේ නිසා බීජ පැල සිටවූ වහාම ක්ෂේත්‍රයේ ස්ථාපනය වීම සිදු නොවීමත්, වර්ධනයෙහි යම් බාල වීමක් සිදුවීමත් අපේක්ෂා කළ හැක (Transplanting shock)
- බීජ පැල ක්ෂේත්‍රයේ සිටුවීම මිනිස් ශ්‍රමය භාවිතයෙන් මෙන්ම පැල සිටුවීමේ යන්ත්‍ර භාවිතයෙන් සිදු කරගත හැක.
- එක් ස්ථානයක පැළ එකක් හෝ කිහිපයක් පේලි වශයෙන් සිටුවිය හැකිය. අහඹු ලෙස පැල සිටුවීමද කළ හැකි නමුත් වගාව කළමනාකරණයේදී අපහසුතා ඇතිවිය හැක.
- ක්ෂෙත්‍රය තුල පැල ගණත්වය මෙම ක්‍රමයේදී පහසුවෙන් කළමනාකරණය කළ හැක.
- දීර්ඝ වයස් කාණ්ඩ ප්‍රබේධ සඳහා මෙම ක්‍රමය යටතේ වැඩි ඵලදාවක් ලබාදෙන බව වාර්තා වන නමුත්, ශ්‍රමය හා අනෙකුත් සම්පත්වල හිඟතාවය නිසා මාස 4 – 4 1/2 ප්‍රභේද වගා කරන ප්‍රමාණය අඩු වීමෙන් හේතු කරගෙන මෙම ක්‍රමය භාවිතයෙන් ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.
බීජපැල වල දිරිය
- මුල් වලට හානි සිදුවීම නිසා පැලවල තත්ත්වය බාල වීම සිදුවිය හැකිය.
- පැළවලට සිදුවන හානියක් මට්ටම පැළයේ වයස අනුව වෙනස් වේ
- ප්‍රභේදයේ වයස් කාණ්ඩය පිළිඹඳවද සැළකිළිමත් විය යුතුය
පැළයේ වයස
- කුඩා පැළ මෘදු පටක සහිත වන බැවින් හානිය වැඩිය.
- එහෙත් ඒවා වැඩුණු පටක වලට සාපේක්ෂව ඉක්මනින් පිළිසකර වන බැවින් වැඩි වයස් කාණ්ඩයේ ප්‍රභේද (මාස 4-4 1/2) සඳහා මෙම පටක පිළිසකර වීමට අවශ්‍ය තරම් කාලය ලබා දෙයි.
- මෙම කරුණු අනුව බීජ පැල ඉඳ වීම වඩාත් නිර්දේශ කරනු ලබන්නේ වැඩි වයස් කාණ්ඩ ප්‍රභේද සඳහා පමණි.
වයස් කාණ්ඩය
- නිර්දේශිත වයසේදී (දින 12-14) බීජ පැළ සිටුවීම කළ යුතුයි. නමුත් ප්‍රබේධයේ වයස් කාණ්ඩය අනුව මෙම කාළ සීමාව වෙනස් කළ හැකිය.
- මාස 4-4 1/2 වයස් කාණ්ඩයේ ප්‍රභේද – දින 21 ක් දක්වා
- මාස 2 1/2 -3 කාණ්ඩයේ ප්‍රභේද – දින 12-14
- බීජ පැළ සකස් කරන ලද්දේ ඩපොග් තවානක නම් – කිසිවිටකත් දින 14 ඉක්ම නොවිය යුතුය
පැල සිටුවන ගැඹුර සහ පරතරය
අපේක්ෂිත උපරිම පඳුරු ප්‍රමාණය ලබා ගැනීම සඳහා සෙන්ටි මීටර් 2-3 කට වඩා ගැඹුර නොවෙන පරිදි පැළ සිටුවීම සිදු කළ යුතුයි.
- සෙ.මී. 4-5 ඉක්මවා ගැඹුරට පැළ සිටුවීම සිදු වුවහොත්
- පැළයේ අපේක්ෂිත උපරිම පඳුරු ප්‍රමාණය ලබාගත නොහැකිය.
- දිරිමත් පැල 2-3ක් එක් ස්ථානයක සිටුවිය හැක
- පැළ අතර පරතරය ශාකයෙ වයස් කාණ්ඩය මත තීරණය කළ යුතුයි.
වයස් කාණ්ඩය | නිර්දේශිත පරතරය | |
පේලි වශයෙන් පැළ සිටවීම | අහඹු ලෙස පැළ සිටවීම | |
මාස 4-4 1/2 | 20 x 15 cm2 | පැළ 30-35 /m2 |
මාස 3-3 ½ | 15×15 cm2 | පැළ 35-40 /m2 |
මාස 2½ | 15×15 cm2 |
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.