harvest -introduction

හැදින්වීම
අනාදිමත් කාලයක සිට මිනිසාගේ බත්පෙතහි එළවලු ව්‍යාංජනයක් දෙකක් තිබීම අනිවාර්යය දෙයක් විය. ඒ තරමටම එළවළු මිනිසාගේ ආහාරය සමග බද්ධ වී ඇත. එළවලු වල ශක්තිය/කැලරි අගය, මේදය/කොලස්ටරෝල් ඉතා අඩු මට්ටමක පවතින අතර ආහාරමය තන්තු, විටමින හා ඛනිජ ලවණ වලින් පොහොසත්ය. එක් නිරෝගි පුද්ගලෙයකු දිනකට ග්‍රෑම් 200 ආහාරයට ගත යුතු බව වෛද්‍ය මතය වේ. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක සිට මහා පරිමාණ ඉඩ ප්‍රමාණ දක්වා වර්තනයේ වගාකරුවන් විසින් එළව වගා කරනු ලබයි. මෙරට වාර්ෂික එළවළු නිෂ්පාදනය මෙට්රික් ටොන් 1,093,272 කි. (2013- සංඛ්‍යා ලේඛණ දෙපාර්ත‍මේන්තුව) නමුත් එම ප්‍රමාණයෙන් 30% ක ප්‍රමාණයක් පසු අස්වනු හානියට ලක් වී පරිභෝජනයට ගත නොහැකි තත්ත්වට පත්වේ.එළවලු වල මතුපිට පෙනුම නැවුම්ව තිබේ නම් ඒවාට තිබෙන පාරිභෝගික ඉල්ලුම වැඩිය. තැලීම, පොඩිවීම, ලෙඩ රෝග සෑදිම, වර්ණය වෙනස්වීම යනාදි කරුණු නිසා එළවළු වල මතුපිට පෙනුම වෙළදපොලෙහි විකිණීමට තිබෙන විට අඩුවේ. ඉහත සදහන් කරුණු සමහරක් අස්වනු නෙලීමට පෙර සිදු වූ හේතු කාරක වේ. මෙම කරුණු පෙර අස්වනු සාධක ලෙස හැදින්විය හැකිය.හොදින් ජල සම්පාදනය කර පොහොර සමබල ලෙස (නිර්දේශිත ප්‍රමාණ) යොදා එළවලු වගා කලේ නම් ඒවැනි වගාවකින් නෙලන ලද එළවලු වල වැඩි ආහාර ප්‍රමාණයක් සහා ජල ප්‍රමාණයක් ගබඩා වී ඇත. ඒ නිසා මෙවැනි වගාවකින් නෙළන ලද එළවලු වැඩි කාලයක් තබා ගත හැකිය. මෙයට ප්‍රධානම හේතුව ස්වභාවික ලෙස දුර්වල වීම පමා වූ විට වැඩි කාලයක් එම එළවළු තබා ගත හැකි වීමයි.වගා බිමේදි හෝ නෙලාගත් පසුව නිවැරදි තත්ත්ව අනුගමනය කිරීම මගින් 30% පමණ ඉහල ප්‍රමාණයකින් සිදුවන අස්වනු හානිය බොහෝ දුරට අඩු කරගැනීමට හැකිවනවා මෙන්ම එළවළු ඉහල ගුණාත්මයකින් යුතුව වෙළදපොලට ඉදිරිපත් කිරීම ද සිදුකල හැකිය.
  • එළවලු කාණ්ඩ හා ස්වභාවය
මිනිසාගේ පාරිභෝජනය සදහා එළවලු වල විවිධ කොටස් යොදා ගනී. උදාහරණ ලෙස එළවළු ශාකයේ මුල්, කඳ, පත්‍ර, නටු, මල්, ඵල. ඒ අනුව එළවළු කාණ්ඩ කිහිපයක් යටතේ බෙදා දැක්විය හැකිය.
  1. කොල සහ කඳ එළවලු
පත්‍ර, පත්‍ර නටුව, කඳ ලෙස ලපටි අවස්ථාවේ පරිභෝජනයට යොදාගන්නා එළවළු මෙම කාණ්ඩය යටතට වර්ග කරයි.
උදා – ලීක්ස්, ගෝවා,ගොටුකොළ , මුකුණුවැන්න ආදී පළා වර්ග, කොහිල, නෙළුම් දඩු
  1. මල් හා පුෂ්ප ඒළවළු
පුෂ්ප මංජරිය ලෙස ලපටි අවස්ථාවේ පරිභෝජනයට යොදාගන්නා එළවළු මෙම කාණ්ඩය යටතට වර්ග කරයි.
උදා – මල් ගෝවා, බොකලි කෙසෙල් මුව
  1. ඵල එළවළු
ඵල (ගෙඩි, කරල්) ලෙස පරිභෝජනයට යෙදාගන්නා එළවළු මෙම කාණ්ඩය යටතට වර්ග කෙරේ .
එම එළවළු ඵල වල මේරීම අනුව, නොමේරූ සහ මේරූ ලෙස නැවත වර්ග කෙරේ.
  • නොමේරූ ඵල
මෙහිදි ආහාරයට ගනු ලබන්නේ ඵල වල නොමේරූ අවස්ථාවයි. එම නොමේරූ ඵල වල මාංසලමය ස්වාභවය අනුව නැවත එම එළවළු වර්ග කෙරේ.
  • මාංසලමය – මෙහිදී ආහාරයට ගන්නා ඵලය (ගෙඩි/කරල්) ලපටි මාංසල නම් මේ යටතට වර්ග කෙරේ.
  • උදා – බටු, පිපිඤ්ඤා , පතෝල , කරවිල  
  • මාංසලමය නොවන – මෙහිදී ආහාරයට ගන්නා ඵලය (ගෙඩි/කරල් ) මාංසලමය නොවේ නම් මේ යටතට වර්ග කෙරේ.
  • උදා – බෝංචි , මෑ
     
  • මේරු පැසුණු ඵල
  • ආහාරයට ගන්නා ඵලය (ගෙඩි /කරල් ) හොදින් පැසී ඇත්නම් මේ යටතට වර්ග කෙරේ. එම පැසුණු ඵල මාංසලමය ස්වභාවය මත නැවතත් වර්ග කෙරේ.
  •  මාංසලමය
  •  – හොඳින් පැසුණු/ මේරු හා මාංසලමය ඵල මේ යටතට අයත්වේ.
    උදාහරණ – වට්ටක්කා, තක්කාලි
  • මාංසලමය නොවන
  •  – හොදින් පැසුණු/ මේරූ හා මාංසලමය නොවන ඵල මේ යටතට අයත් වේ.
    උදාහරණ – බෝංචි බීජ, මුං ඇට, තෝර පරිප්පු, සෝයා බෝංචි
    1. මුල්ආකන්ද හා බල්බ එළවළු
       
    මෙම කාණ්ඩයට අයත් එළවළු වර්ග වල ආහාරයට ගනු ලබන්නේ මුල්, ආකන්ද හා බල්බයි.
    • මුල් – බතල මඤ්ඤාක්කා ආදී අල වර්ග,බීට් රූට්, රාබු ,කැරට්
  • ආකන්ද – අර්තාපල්
  • බල්බ – ලූනු
    1. වෙනත්
    • ඉරිගු, හතු
    කොළ හා කද එළවළු වර්ග සහ මල්/පුෂ්ප එළවළු වර්ග අස්වැන්න නෙලාගැනීමෙන් පසු වඩා වේගයෙන් පරිහාණියට පත්වන අතර ඵල ආකාරයට එයට අඩු සීග්‍රතාවයකින් ද, මුල් හා ආකන්ද සෙමින් ද පරිහාණයට කිරීම තත්ත්ව සැලකිල්ලට ගනිමින් නිවැරදි තාක්ෂණික ක්‍රම යොදාගැනීමෙන් පසු අස්වනු හානිය අඩුකර ගත හැකිය. සාමාන්‍ය යෙන් නිවසේ ශීතකරණෙයේ ඇසිරීමේදි (5- 10C උෂ්ණත්වය තුළ) සැහැල්ලු එළවළු ඉහළ රාක්කවලද, තද එළවළු පහළ රාක්කවලද ඇසිරිමෙන් ඒවායේ තත්ත්වය උසස් අයුරින් පාලනය කරගත හැකිය.
    • පසු අස්වනු තාක්ෂණය
    ඒළවලු නෙලා ගැනිමේ සිට පරිභෝජනයට ගන්නා තෙක් අනුගමනය කරන ක්‍රියාදාමය / තාක්ෂණය ලෙස හඳුන්වනු ලබයි.
    වගා බිමේ සිට එළවළු පාරිභෝගිකයා අතට පත්වන තුරු දාමය පහත ආකාරයට දැක්විය හැකිය.

    අස්වනු නෙලීම සිසිල් තත්ත්වය ලබාදීම (සෙවන ඇති තැනක තැබීම) පිරිසිදු කිරීම වැඩිපුර ඇති කොටස් ඉවත් කිරීම තේරීම වර්ග කිරීම සැකසීම හැසිරීම ගබඩා කිරීම ප්‍රවාහනය සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයා
    • එළවළු වල තත්ත්වය සහ පසු අස්වනු හානියට බලපාන පෙර අස්වනු සාධක
    වගාව සහ වගා බිම් නිවැරදිව නඩත්තු කිරිම මගින් හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක් ලබාගත හැකියි.පොහොර හා ජලය නියමිත තත්ත්වයෙන් හා ප්‍රමාණ වලින් ලබාදීම සහ රෝග ඇති අවස්ථා වල හැති ඉක්මනින් ප්‍රතිකාර ලබාදීම සිදුකල යුතුය. වල් පැලෑටි ඉවත් තිරීම, රෝගී ශාක කොටස් වගා බිමෙන් ඉවත් කර වගා බිම පවිත්‍රව තබා ගැනීම මගින් රෝග ව්‍යාප්ත වීම අඩුකර ගැනීම කල හැකිය.
    පොහොර යෙදීමේදි නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩිපුර නයිට්‍රජන් පොහොර යොදා ඇත්නම් එළවළු වල කල්තබා ගැනීමේ හැකියාව අඩුය. ඒසේම එවැනි එළවළු ඉක්මනින් නරක් වීමට භාජනය වන අතර ප්‍රවාහනයේදි සිදුවන තැලීම්,පොඩිවීම් හානිය ද ඉහලය. එබැවින් පස පරීක්ෂා කර බලා නිර්දේශිත ප්‍රමාණයට පොහොර යොදන්නේ නම් වැඩිපුර නයිට්‍රජන් වලින් සිදුවන හානිය අවම කර ගත හැකිය. ඒසේම කැරට්, නෝකෝල් වැනි එළවළු වල පැලීමක් ඉක්මනින් සිදුවිය හැකිය. නයිට්‍රජන් වැඩිපුර යොදා ඇතිවිට අස්වැන්න නෙලීම තරමක් ප්‍රමාද වූයේ නම් ඉහත තත්වය උදාවී විශාල ප්‍රමාණයක අස්වැන් වෙළඳපොළට යැවීමට නෙහැකි තත්වයට පත්වේ.
    කේෂ්ත්‍රෙයහි ජල සැපයුම හොදින් තිබේනම් නෙලන ලද එළවළු වල මේරීම ප්‍රමාද කර ගත හැකිය. මෑ, බෝංචි, බණ්ඩක්කා වැනි එළවළු පසෙහි තෙතමනය අඩු වූ විට ඉක්මනින් මේරීම සිදුවේ. එසේම රාබු, නෝකෝල් සහ බීට් වැනි එළවළු ද පසෙහි තෙතමනය අඩු වූ විට ඉක්මනින් මේරීම සිදුවේ.