- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්‍රී ලංකාවේ සහල් - බිම් සකස් කිරීම
බිම් සකස් කිරීම
- වී වගාව සිදුකිරීමේ පළමු සහ ඉතාමත්ම වැදගත් අදියර බිම් සැකැස්මයි.
- වගාව සංස්ථාපනය කිරීමෙන් පසුව බීජ සහ බීජ පැල සාර්ථකව ක්ෂේත්රය තුල පවත්වා ගැනීමට අවශ්‍ය වන පාංශු තත්ව ලබා දීම සඳහා භූමිය භෞතික වශයෙන් සූදානම් කිරීම මෙහි අරමුණයි.
- මෙමගින්
- මූල වර්ධනය වැඩිදියුණු කරයි
- විවිධ මට්ටම් වල පස් මිශ්‍ර කිරීම මගින් පසේ ඉතිරි වී ඇති පෝෂක නව වගාව සඳහා ලබාදෙනු ලැබේ
- වල් පැලෑටි වර්ධනය අවම කරයි
- පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉහල නංවයි
- පසේ ජලය සහ පෝෂක රඳවා ගැනීම දියුණු කරයි
- පස ආශ්‍රිතව ජීවත් වන කෘෂි පලිබෝධකයන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවධි විනාශ කිරීම මගින් කෘෂි පලිබෝධ හානිය යම් මට්ටමකට පාලනය කරනු ලබයි
- වී වගාව සඳහා බිම් සකස් කිරීම ආකාර දෙකකින් සිදු කරනු ලැබේ.
- තෙත් බිම් සැකැස්ම – සී සෑමට පෙර ක්ෂේත්රය ජලයෙන් යටකර තබනු ලැබේ
- වියළි බිම් සැකැස්ම – .සී සෑමට පෙර ක්ෂේත්රය ජලයෙන් යටකර තබනු නොලැබේ
- බිම් සැකසීම, අධියර තුනක් යටතේ සිදුකෙරේ.
- මි හරක් භාවිතය, සිව්රෝද හෝ ද්වි රෝද ට්රැක්ටරය භාවිතයෙන් හෝ රෝටවේටරය භාවිතයෙන් මෙම ක්‍රියාවලිය සිදුකරනු ලැබේ.
- සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සති 3-4 ගතවේ.
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.